Skip to main content

Posts

Featured

සුගලා දේවියගේ මමිය ගොඩගත් 12 දෙනා අභිරහස් ලෙස මිය ගියාද ?

  රෝහණ දේශයේ රජ කිරුළ දැරූ ශ්‍රී වල්ලභයන්ගේ දේවිය සුගලාය. එහෙයින් බොහෝ දෙනකු ඇයව හඳුන්වන්නේ සුගලා දේවිය නමිනි. ඇය හෙළයේ රජ කිරුළට අනන්‍ය වූ අයිතියක් දැරූ හෙයින් ඇතැමකු ඇය හඳුන්වන්නේ සුගලා රැජන ලෙසිනි. මහ පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එරෙහිව රුහුණේ වැසියන් මෙන්ම ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ රැක ගැනීමට ඇය කළ වීරෝදාර සටන් හේතුවෙන් ඇය සෙන්පතිනියක සේම සේනාධිනායිකාවක ලෙසද හඳුන්වනු ලැබිණි. සුගලා දේවිය විජයබාහු රජුගේ මිනිබිරියක වේ. එකල රාජ්‍ය බලයේ අයිතිය තහවුරු කර ගැනීමේ අරමුණින් ආවාහ විවාහ බහුලව සිදුවිය. පාණ්ඩවයෝ රජ කිරුළ හිමිකර ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් ආවාහ – විවාහ තුළින් තම බලය තහවුරු කරගනිමින් සිටියහ. විජයබාහු රජුගේ අනෙකුත් දූ පුතුන් පාණ්ඩවයන් හා සරණ බන්ධනයට ඇතුළත් වෙද්දී සුගලා දේවියගේ මවු වූ විජයබාහු රජුගේ දියණිය යශෝධරා සරණ යන්නේ හෙළ කුමරකු සමඟයි. එම දෙපළගේ දියණිය ලෙස හෙළ මවුපියන් වෙතින් කිරුළේ උරුමය ලබන සුගලාද පාණ්ඩව මිශ්‍ර ලේ ඇති ශ්‍රී වල්ලභයන් විසින් විවාහ කරගනු ලැබේ. ශ්‍රී වල්ලභයන් විජයබාහු රජුගේ සොහොයුරියක වන මිත්තාගේ පුතෙකි. මිත්තා විවාහ වී සිටියේ පාණ්ඩව කුමරකු ස

Latest Posts

ගැහැණු සිරුරේ සුන්දරම තැන-

1815 රටම රැවටූ උඩරට ගිවිසුම

ගල් යුගයේ මිනිසුන් ජීවත්වෙන දූපතක් ලංකාවට ඉහළ මුහුදේ

තවමත් නොදිරන තොටගමුවේ රාහුල හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ තොරතුරු

චතුර්මාන කාල-අවකාශය

සිංගර් ඉතිහාසය වෙනස්‌ කළ ධම්මික පෙරේරාගේ රු 500... * ලංකාවේ එතෙක්‌ මෙතෙක්‌ සිදුවූ ලොකුම ගනුදෙනුව

නවක වදය සහ විකෘතියක් වූ ලාංකේය විශ්ව විද්‍යාල සංස්කෘතිය

ස්ටීව් ජොබ්ස් මරණ මංචකයේදී කී කතාව