කාලය හරහා ගමන් කර අනාගතය දකිමු

ඇත්තටම අපිට කාලය හරහා යා හැකිද?
අප විසින් අද බොහෝවිට පිළිගැනීමට උත්සහ කරන්නේ අපට පෙනෙන දෙය සහ ඇසෙන දෙයයි.මීට අමතරව මිථ්‍යා මත වලට අපේ සිත ඇතුළේ ඉඩක් වෙන් කරනවාද යන්න අපිටත් රහසකි.මා ඔබට දැන් උත්සහ කරන්නේ යම්කිසි වැදගත් කරුණක් පැහැදිලි කරීමටය.මේක ගොඩක් සංයමයකින් කියවා තේරුම් ගන්න උත්සහ කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා.මිනිසෙකුට කාලය අභිබවා අනාගතය කරා යාමට හැකිය යන්න මගේ අදහසයි.සමහර අයෙක් මා මානසික රෝගියෙකු ලෙස හදුන්වනු නොඅනුමානය.එහෙත් එය කල හැකි දෙයකි.එය අප නොකළත් එක් එක් පුද්ගලයා තුළ සිදුවන ක්‍රියාවලියකි.එය අපට නොදැනෙන්නේ අප තුළ ඇති යම් අඩුවක් නිසාය.එය මම මේ ලිපියේ පසුවට විස්තර කරමි.දැන් අපි මේ කාලය හරහා යන්නේ කෙසේදැයි බලමු.
ඉලෙක්ට්‍රෝනයටම සර්වසම වන එහෙත් ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් සහිත ප්‍රතිවිරුද්ධ ලෙස හැසිරෙන පොසිට්‍රෝනය නම් අංශු වර්ගයක්ඇති බව ඔබ දන්නවා ඇති.මෙම ප්‍රෙසිට්‍රෝන අංශු දෙකක් එකතු කළ විට ෆෝටෝනය නම් අංශුව සෑදෙයි.ෆෝටෝනය යනු ශක්තියේ මූලික ඒකකය එනම් ශක්ති පැකට්ටුවක් ලෙස ක්වොන්ටම් යාන්ත්‍රවිද්‍යාවේ හදුන්වා දී ඇත. මේ ෆෝටෝන අංශු දෙකක් ගෙන A හා B ලෙස නම් කරමු.දැන් A අංශුව අප අසල තබාගෙන B අංශුව ලෝකයේ එහා කෙළවරේ තබමු.දැන් අංශුවට යම් වෙනසක් කරමු.උදාහරණයක් ලෙස A අංශුව දකුණට හරවමු.එවිට B අංශුව ඒ මොහොතේම ඉබේම වමට හැරෙයි.මෙම ෆෝටෝන අංශුවලට කාලය අවලංගු වෙයි.මේ සියල්ල උප පරමානුක අංශු වර්ගතවද මෙම පරීක්ෂණය සැබැවින්ම සිදුකර ඇත. ඇන් අපි මිනිසා දෙසට හැරෙමු.මිනිසා සෑදී ඇත්තේ භෞතික ශරීරයකින් හා උපාධානස්කන්ධ සංයුතිය කොටස් දෙකකිනි.උපාධානස්කන්ධ සංයුතිය යනු ඔබට තේරෙන විදිහට ආත්මයකි.මේ ආත්මය නිර්මාණය වී ඇත්තේ ෆෝටෝන අංශු වලිනි.එම නිසා ආත්මයටද කාලය වලංගු නොවනු ඇත.මා මීට කලින් විස්තර කළ කරුණු ගැන නැවත සිතන්න. මේ සියල්ලෙන් මා විස්තර කිරීමට උත්සහ කරන්නේ ආත්මයට, කාලයට වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි බවයි.ඔබට මෙය ඔබේ ජීවිතයේ අත්විදීමට සිදු වූ උදාහරණයකින්ම මා පහදා දෙන්නම්.ඔබේ පියවි ලෝකයේදී ඔබට ජීවිතයේ කිසියම් සිදුවීමක් ආරම්භයේදී හෝ අවසානයේදී මට මේ දේ මීට කලින් සිදු වෙලා තියෙනවා,මේ සිද්ධියම මම මීට කලින් සිහිනෙන් හරි දැකලා තියෙනවා කියලා දැනිලා තියෙනවා නේද?මට නම් මේක හොදට දැනිලා තියෙන දෙයක්.
අපි යාළුවෙක් එක්ක කතා තරමින් ඉන්නවා කියලා හිතන්න සමහර වෙලාවට අපිට දැනෙනවා මේ වචන ටික මේ විදිහටම මම කලින් කතා කරලා තියෙනවා කියන හැගීම....එම අවස්ථාවට අදාළ සියළු දේ ඒ විදිහට කලින් සිදුවෙලා තියෙනවා කියලා දැනෙන හැගීම.ඒත ඔබට ඉන් එහාට වෙන්නෙ මොකද්ද කියලා මතක් කරන්නත් බැහැ.මෙය සිදු වන්නේ කෙසේද?ඇත්තටම මේක ඔබට ප්‍රශ්ණයකි. ඔබට ඒ සම්බන්ධව ඇත්තේ අපැහැදිලි මනසකි.මෙය අපැහැදිලි වීමට ප්‍රධාන හේතුව ඉහත මා සදහන් කළ අප තුළ ඇති අඩුව නිසාය.එනම් අප ආත්මය සහ භෞතික මනස අතර ඇතිඅන්තර් සම්බන්ධය දුර්වල වීමයි.මෙය මගහරවා අනාගතය දැකීමට නම් සිත දියුනු කර එම සම්බන්ධය දැඩි කරගත යුතුය. එසේ වුවහොත් ඔබට අනාගතයට යා හැකිය.අනාගතය වෙනස් කළ හැකිය. මා පවසන පරිදි අනාගතය ඔබ දකින්නේ කොහොමද? කියලා ඔබට ගැටළුවක් එනවා ඇති.අපි ඒක ගැනත් හොයලා බලමු.ඇත්තටම ශක්ති සංස්ථිති නියමය කියන්නේ පිළිගත් භෞතික විද්‍යා නියමයක්.ඒකෙන් කියවෙන්න ශක්තිය මැවීමට හෝ විනාශ කිරීම කළ නොහැකි බවයි.එය තවත් ශක්ති වර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බව එම නියමයේ හරය වේ.එනම් අප කතා කරන,කරන කියන සියල්ලටම ශක්තිය වැය වේ.මේ සියල්ල එක් එක් මට්ටම් වලට බෙදී ගොස් දත්ත ලෙස එක් තැනක ගබඩා වෙයි.මේ දත්ත ගබඩා වන ස්ථානය විශ්ව ශක්ති ගබඩාව ලෙස හදුන්වයි.එක් එක් පුද්ගලයාට අදාළව,ඔහුගේ පරිසර මට්ටම මිතුරන් ගේ ස්වාභාවය හා ඔහුගේ ස්වභාවය අනුව මෙම දත්ත ගබඩාව සැකසී ඇත.සෑම පුද්ගලයෙකුගේම අතීත අනාගත දත්ත සියල්ල විශ්ව ශක්ති ගබඩාවේ තැන්පත් වී ඇත. රාත්‍රියේ නින්දට යන අපගේ ශරීරය තුළ තිබෙන ආත්මය(මනෝකාය) අපේ භෞතික ශරීරයෙන් නිදහස් වී,විශ්ව ශක්ති ගබඩාව වෙත ගමන් කරයි.විහ්ව ශක්ති ගබඩාවේ අතීතයට අනුරූපව අනාගතයේ වෙන්න තියෙන සිදුවීම් සකස් වෙමින් පවතී.මේ සියල්ල විශ්ව ශක්ති ගබඩාව වෙත යන අපේ මනෝකාය විසින් දකිනවා.මේ සියල්ල අපේ යටි හිතේ තැන්පත් වෙනවා. නමුත් ඒ සිද්ධිය සිදුවනතුරු එය අපේ මතකයට නැගෙන්නේ නැත.එයට හේතුව අපේ ආත්මය සහ භෞතික ශරීරය අතර සම්බන්ධය දුර්වල බැවිනි.මේ නිසා තමයි යම්කිසි සිදුවීමක් ආරම්භයේදී හරි ඒක අවසානයේදී හරි,මීට කලින් මේ සිද්ධිය හීනෙන් හරි දැකලා තියෙනවා කියලා අපැහැදිලි මතකයක් එන්නේ.ඉතිං මින් ඉදිරියට ඒක ගැන මීට වඩා ගැඹුරින් හිතන්න.මොකද ඔබට ඔබේ අනාගතය දකින්න පුළුවන් වුනොත්.....? ඉසුරු ත්‍රීමාල් සුරවීර

Comments

Popular Posts