සූර්‍ය නමස්කාරය

සූර් නමස්කාරය


සූර්යා යනු භෞතික ලෝකයේ පවැත්ම රදා පවතිනා ශක්ති ප්‍රබවයයි. මුලු මහත් ජීවීන්ම යැපෙන්නේ  සූර්ය ශක්තිය මතය. කවුරුන් කෙසේ ලෞකික වශයෙන් බලවත් වූවත් ඔහුට සූර්යාගේ ශක්තිය පරාදය කල නොහැක. සමස්ත ජීවීන්ගේ පැවැත්ම තීරණය වන්නේ සූර්ය ශක්තිය මතය. අනාදිමත් කාලයක පටන් අපේ මුතුන් මිත්තෝ  පිලිබද දැන සිටියහ. එසේම ඔවුන් සූර්ය ශක්තිය මගින් බොහෝ වැඩ ලබාගත්හ. තමාගේ එදිනෙදා ශක්ති අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඔවුන් සූර්යා යොදාගත්හ. එමෙන්ම තමාට උදව් උපකාර කරන සූර්යාට සැලකීමටද ඔවුන් අමතක නොකලහ. ඔවුන් සූර්යා දෙවියන් වෙනුවෙන් දෙවොල් නිර්මානය කලහ. මෙම සූර්ය දෙවොල් සංකල්පය ලෝකය පුරා ව්‍යාප්ත වූයේ සූර්යාගේ වැදගත්කම ඔවුන් දැනසිටි බැවිනි. අද ලෝකය පුරා හිරු දෙවියන් නමස්කාර කිරීම සදහා ඉදිවූ දෙවොල් වල නටඹුන් දැකිය හැක. ලොව පුරා ප්‍රසිද්ධ යැයි සම්මත ශිෂ්ඨාචාරයන්  සූර්ය නමස්කාරය සදහා ප්‍රසිද්ධියක් උසුලයි. එහෙත්  සූර්ය නමස්කාරය කවුරුන් විසින් කොහිදී අරඹන ලද්දක්දැයි බොහෝ දෙනෙකු නොදන්නේය. සූර්ය වන්දනාවේ නිර්මාපකයන් වූයේ අනාදිමත් කාලයක පටන් සූර්ය වන්දනාවට යොමු වූ එමෙන්ම සූර්ය ශක්තියෙන් අප්‍රමාණ වැඩ ලබාගත්තාවූ හෙලදිව ජීවත් වූ සූර්ය වංශිකයෝය.

මේ
 සූර්ය වන්දනාව හෙලදිවට මහා භාරතයෙන් පැමිනි දෙයක් යැයි ඇතැම් උගතුන් කියයි. නමුත් සත්‍ය වශයෙන්ම වී ඇත්තේ හෙලදිව තිබූ සූර්ය වන්දනාව ඉන්දියානුවන් විසින් අනුකරණය කිරීමය. මෙම සූර්ය වන්දනාව එදා පටන් අද දක්වා නොකඩවා අනුගමනය කිරීමට හෙලදිව ජනයා පුරුදු වී තිබේ. සාමාන්‍යයෙන් සූර්ය වන්දනාව සිදු කරන්නේ උදෑසන හා සවස් කාලයේදීය. එම දෛනික සූර්ය වන්දනාව හෙලදිවින් ඈත් වුවද සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමනය නිමිති කරගෙන වසරකට එක්වරක් සූර්ය මංගල්‍යයක් පැවැත්වීම හෙලදිව ජනයා අමතක නොකරේය. මෙම සූර්ය මංගලය් සාමාන්‍යයෙන් පවත්වන්නේ අප්‍රේල් 13,14 වැනි දිනයන්හීදීය.සිව් හෙලයට සූර්යා මුදුන්වන මේ දින සූර්ය නමස්කාරයට සුදුසු බව ‍තෝරගත්තේ පුලස්ති සෘෂිවරයා බව "සූර්‍ය නමස්කාරය" නැමැති පැරණි පුස්කොල පොතේ සදහන්ය.කලියුග වර්ෂ විසිහයදහස් එකසීයේදී රාජ්‍යත්වයට පත් මහා සම්මත මනු ඔහුගේ අගනුවර කරගත්තේ මන්නාරමයි. මහා සම්මත මනු රජුගේ අගනුවර වූ මෙම මන්නාරම් නුවරට හරි ඉහලින් අස්විද නැකතින් සිව්හෙළයට හිරුරැස් වැටෙන අවස්ථාව එවකට සිව්හෙළයේ සූර්ය මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කර ඇත. ශාස්තපති ධනේෂ් කොඩිප්පිලි මහතාගේ හෙළන්කා කෘතියේ සඳහන් කර ඇති ගනනය කිරීම් වලට අනුව වර්ෂ 2012දී අප සමරනු ලබන්නේ 30212 වන සිව්හෙළ සූර්ය මංගල්‍යයයි.අතීතයේ හෙලදිව ජීවත් වූ රාවණා වැනි රජවරුන් දෛනික සූර්‍ය නමස්කාරයේ යෙදී ඇති අතර ගෝතම බුද්ධ කාලය වනවිටත් හෙලදිව සිටි ජනයා සූර්‍ය වන්දනාව බොහෝ ජනප්‍රිය අන්දමින් සිදු කර ඇත. එදා මුතුන් මිත්තන් සූර්‍ය වන්දනාව සදහා ඉදිකල හිරු දෙවිල් අදටත් හෙලදිව අප්‍රකටව හා ආරක්ශා සහිතව සැගවී පවතින බව දන්නෝ දනිති.සෝමසිරි විජයවර්ධන මහතාගේජෝතිෂ්‍ය අත්පොත නම් කෘතියේ සඳහන් පරිදි සූර්ය දේව වන්දනාව කළ හෙළයෝ සූර්ය දෙවියන් පා තබන ස්ථාන යැයි සලකූ ස්ථාන වල දෙවොල ඉදිකර විශාල පාද ලාංඡන පිහිටුවා වන්දනාමාන කර ඇත. එහි සඳහන් පරිදි හෙළයන්ගේ මෙවැනි පුදබිම් දෙකක සමන්තකූටය සහ දෙවුන්දර. එදා හෙළයන්ගේ සූර්ය වන්දනාව අදටද ශීපාදස්ථානයට වන්දනාවේ යන බැතිමතුන් විසින් සිදුකරනු අපට දැකගත හැකිය. තවද දෙවුන්දර මුහුදු තීරයේ ගල්ගණේකන්ද නම් ගලෙන් නිර්මාණය කරන ලද ගොඩනැගිල්ල එදා දෙවුන්දර හිරුගල් දෙවොල යැයි විශ්වාස කළ හැකිය.




මෙම සූර්යා සහා සූර් වන්දනාව පිලිබදව අපට බෞද්ධ මූලාශ්රයන්ද සොයා ගත හැක. මෝර පිරිතේ දැක්වෙන අන්දමට බෝසතානෝද පෙර භවයක සූර් වන්දනාවේ යෙදුනු බව දැක්වේ.
උදෙතයං චක්ඛුමා එකරාජා - හරිස්සවණ්ණො
පඨවිජ්
 භාසො - තං තං නමස්සාමි හරිස්සවණ්ණං
පඨවිජ්
 භාසං - තයජ්ජ ගුත්තා විහරෙමු දිවසං

සිද්ධාර්ථ
 බෝධිසත්වයන් මවු කුස පිළිසිඳගත් සමයේදී  සූර්ය වංශිකයකු වූ සුදොවුන් රජු වප් මඟුල් උත්සව පැවැත්වූ බවද  ඇසළ උත්සව සමය බව  කියැවේ. එසේම අංගුත්තර නිකායේ, සත්තක නිපාතයේ, මහා වග්ගයෙහි එන සත්ත සූරියග්ගමන සූත්රයෙහි සම්මත අරුත් සලකා බැලූ කල සූර්යාගේ බලපෑම මගින් පෘතුවිතලයේ අවසාන කාලයද තීරණය වන බව විස්තර කර ඇත. තවද සූර්ය පිරිතේද රාහු හා සූර්ය දෙවිදු අතර වන ගැටුමක් පිලිබ්දවද විස්තර කර ඇති අතර ත්රිපිටකයේ ඇතැම් ස්ථානවල සූර්ය නමින් හැදින්වූ පුද්ගලයන්ද සිටි බව පැහැදිලි වේ.

කෙසේ
 වෙතත් ජෛතිශ්යයට අනුව සූර්යා "රවි" ලෙස හදුන්වයි. එදා ජීවත් වූ සූර්යාගෙන් නිකුත්වන කිරණ ශක්තීන් පිලිබදවද මනා වැටහීමක් තිබූ අය විය. යක්ශ ගෝතිකයන්ගේ භාෂාවේ රකුන් සැර නමින් අක්ෂරයක් තිබී ඇත. එහි සැර ලෙස රශ්මිය හෙවත් කිරණය දක්වන අතර රකුන් ලෙස සූර්යා දක්වා ඇති බවද සූර්යාගෙන් නිකුත්වන කිරණ සතරක් පිලිබදවද යක්ශ ගෝත්රික භාෂාව හා රවි ශෛලාශ වංශ කථාව කෘතියේ පෙන්වා දී ඇත. 
(1)
කේටකී රකුන් සැර අක්ෂරය
(2)
උජාලි රකුන් සැර අක්ෂරය
(3)
කාවලී රකුන් සැර අක්ෂරය
(4)
කාවරී රකුන් සැර අක්ෂරය

ගුපත
 විද්යාවේදී බල උත්පාදනය සදහා  තේජස ගුණය ආශිර්වාදය සදහාද මේ රකුන් සැර අක්ශරය භාවිතා කර ඇති අතර වරින් වර මේ කිරණ ශක්තීන්ගේ බලපෑම හේතු කරගෙන ස්වභාවය තුල ඇති වෙන වෙනස්කම් හා මිනිසාට මෙය කවරාකාරයෙන් බලපානවාද යන්න අධ්යනය කිරීමත් මෙයින් සිදු වී ඇති බව තව දුරටත් විස්තර වේ.

සූර්යාගේ
 ශක්තිය පිලිබදව දැන සිටි එදා මුතුන් මිත්තන් සූර්ය වන්දනාව කිරීමේ අරමුණු හා එයින් ලැබෙන ඵල පිලිබදව මනාවට දැන සිටින්නට ඇත.සුපුරුදු ලෙසින් සූර්ය වන්දනාව හෙලදිවින් සොරාගත් ඉන්දියානුවන් එයට අඩුම කුඩුම එකතු කර එම වන්දනා ක්රමය තමන් නිර්මාණය කරන ලද්දක් බව ලෝකයා හමුවේ තබන ලදී. මීට වසර 2300කට පමණ පෙර මහා භාරතයේ පහල වූ සතාංජලී නම් මහා යෝගිවරයා විසින් සම්පාදිත යෝග සූත් නැමැති ග්රන්ථය මගින් යෝග ක්රමයන් සමග මේ සූර් නමස්කාරයත් පසුකාලීන ලෝකය පුරා ජනප්රිය විය.


සූර්ය නමස්කාරය සදහා ඉරියව් දොලසක් ඇති අතර සදහා ද්වා දස සූර්ය දේවතා නමස්කාර පාඨයන් නමින් පාඨ දොලසක් භාවිතා කරයි. පාඨ දොලස මෙසේ දැක්විය හැක.
ඕම් මිතරාය නමහඃ
ඕම් රාවයේ නමහඃ
ඕම් සූර්යාය නමහඃ
ඕම් භානවේ නමහඃ
ඕම් ඛගාය නමහඃ
ඕම් පුෂ්නෛහ් නමහඃ
ඕම් හිරණ්යඝර්භාය නමහඃ
ඕම් මරිචයේ නමහඃ
ඕම් ආදිත්යාය නමහඃ
ඕම් සාවිතරයේ නමහඃ
ඕම් අර්ක්යාය නමහඃ
ඕම් භාෂ්කරාය නමහඃ  
සූර්ය නමස්කාරය සදහා විවිධ මන්ත් ක්රමද භාවිතා කෙරේ. "ඕං හර හර සර්වකාලී සුරු නීප්රවේදනී අෂ්ට ගුරු හරනී උං උං උරනි ඕං ඕං කාලී විං විං වීන ධාරණී යං යං..................." අදී වශයෙන් දැක්වෙන්නේ එසේ වූ බලගතු සූර්ය නමස්කාරයක සුලු කොටසකි. මීට අමතරව මන්ත් සාස්ත්රය තුල සූර්ය දපනය වැනි සූර්යා උපකාර කරගෙන සිදුකරන වශීකර්මයන්ද බොහෝ ඇත. කෙසේ ගත්තද සූර්යා වැදගත් ශක්ති ප්රබවයක් බව මේවායින් පැහැදිලි කරගත හැක.

සූර්ය නමස්කාරය පිලිබදව වෙදසරහි ඵලවූ ලිපියක් මගින් මේ සූර්ය නමස්කාරය ශරීර සෞඛ් කෙරෙහි කෙබදු බලපෑමක් කරන්නේද යන්න පැහැදිලි කරන ලදී. එය මෙසේ දැක්විය හැක.
සූර්ය නමස්කාරය යනු සූර්ය දෙවියන් වෙනුවෙන් සිදුකරන වන්දනා රමයක් ලෙස අර්ථ ගැන්වෙන අතර එය යෝග අභ්යාසයක් ලෙස පුරුදු පුහුණු වීම තුළින් කායික මානසික සුවය `ගාකරගත හැක. එනම් සූර්ය නමස්කාරය ආසන හා රාණායාම යන දෙයාකාරයෙන් එනම් ශාරිරික රියාකාරකම් හා ශ්වසන රියාකාරකම් වලින් සමන්විත පරිපූණ_ රියාකාරකම් මාලාවකි. රාණායාම හෙවත් ශ්වසන ව්යායාම මගින් ශරිර අභ්යන්තරයට ගනු ලබන ඔක්සිජන් මගින් ශ්වසන පද්ධතියේ හා රුධිර සංසරන පද්ධතියේ රියාකාරිත්වය වැඩි කරයි. තුළින් රුධිරය පිරිසිදු කිරීමේ කාර්ය මනාලෙස සිදු කෙරේ. පටක වලට ඔක්සිජනීකෘත රුධිරය මනාලෙස ලැබිමෙන් ඒවායේ මනා පැවැත්මක් ඇතිකෙරේ. එසේම ආසන පුරුදු පුහුණු කිරීම තුළින් ශරිරයේ ශක්ති දහනය රමවත් සිදුවීමෙන් ශරිරයේ තැන්පත් ඇත්තාවු මේද කොටස් දහනයෙන් ශක්තිය නිෂ්පාදනය කෙරේ. එතුළින් ශරිර පටක වල අනවශ් ලෙස මේදය තැන්පත් වීම පාලනය වේ.

සූර්ය නමස්කාරය බොහෝ විට සිදුකරන්නේ උදෑසන සූර්යයා වෙනුවෙන් වන නමුත් සන්ධ්යාවේ වුව සිදු කිරීම වරදක් නොවේ. ඉතා පහසුවෙන් සිදුකළ හැකි පහත දැක්වෙන ආකාරයේ සරළ පියවර කිහිපයකින් යුතු මෙම අභ්යාසය දිනකට විනාඩි 20 - 30 කාලයක් සිදු කිරීම රමාණවත් . අතුරු ආබාධ ඇති නො කරන්නාවූ සූර්ය නමස්කාර යෝග අභ්යාසයේ යෙදුම මගින් අම්ල පිත්ත (බඬේ දැවිල්ල*, අතිස්ථෞල් හෙවත් අධික තරබාරු බවරස නො දැනීම, මතක ශක්තිය අඩු වීම, අරුචිය, සන්ධි රදාහය හෙවත් සන්ධි ඉදිමීම, උණ්ඩුකපුච්ඡු රදාහය, ඇදුම, තට්ටය පැදීම, කොන්දේ වේදනාව, කුරුලෑ, පීනස, ආහාර ජීර්ණ පද්ධතිය ආශරිත ආබාධ, මල බද්ධය, කැස්ස හා උගුරේ ආබාධ, දියවැඩියාව, පාචනය, කණ_ ආබාධ, මීමැස්මොර, මුඛ දුර්ගන්ධයහිසරදය, හෘද රෝග, අධික රුධිර පීඩනය, රුධිර පීඩනය අඩුවීම, හර්නියා, මානසික රෝග, ලිංගයේ අපරාණිකත්වය, ආහාර අජීර්ණය, සෙම්පරතිශ්යාව, නින්ද නො යාම, සෙංගමාලය, වකුගඩු ආබාධ,පාදවල වේදනාව,     අක්මාව ආශරිත ආබාධ, ඉරුවාරදය, මාංශ පේෂින්ගේ වේදනාව, ස්නායු රෝග, අංශභාග රෝගය, ආමවාත ජ්වර හෙවත් උණ, දත් කැක්කුම, සෙම්ගෙඩි, ලිංගික බෙලහීනතාව, වන්ධ්යාභාවයඅමාශගත හා ගර්භාෂගත පිලිකා ආදි වශයෙන් වූ විශාල රෝග සංඛ්යාවකට පිළියම් යෙදිය හැකි . බොහෝ විට පිළිබ` සැක සංකා මතු විය හැකි වුව නවීන වෛද් විද්යාත්මක පරියේෂණයන් තුළින් උක්ත කරුණු කාරණා බොහෝමයක් විද්යාත්මක සනාථ කොට ඇත. එබැවින් බටහිර ලෝකය අද ඉතා සීඝරයෙන් මෙම අභ්යාස වෙත නැඹුරුවෙමින් සිටි. මෙහි දී රධාන වශයෙන් රූපලාවන් ක්ෂෙතරය තුළට මෙම යෝග අභ්යාස අන්තර්ගරහනය කර ගැනීමේ රවණතාවක් දක්වයි. එයට හේතුව වන්නේ වර්තමාන සමාජය තම බාහිර පෙනුම එනම් තම රූ සපුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි.
සූර්ය නමස්කාරය පහත දැක්වෙන පියවරයන්ගෙන් යුක්ත වේ.



රූප සටහන්හි දැක්වෙන පියවර අනුගමන කරමින් සූර්ය නමස්කාර ව්යායාමයන්හි යෙදීමෙන් ශරිරයේ බර සැලකිය යුතු මට්ටමකින් අඩුකරගත හැක. එනම්, ස්වායු රියාකාරකම් ශරිරයේ අධික ලෙස තැන්පත් ඇති මේදය දහනය කිරීම මගින් ඊඵෂ අගය එනම් ඊදාහ ඵ්ිි ෂබාැං නම් දර්ශකය නිසි පරිදි පවතවාගෙන යා හැකි බව පර්යේෂණාත්මක තහවුරු කර අත. එමගින් දඉැිසඑහ හෙවත් අධික තරබාරුව නැති කර ශරිරයේ මනා හැඩයක් ලබා ගැනීමේ හැකියාව ලැබේ.

මෙම යෝග අභ්යාසයන්හි රූප සටහන්හි පෙන්වා ඇති දෙවන, තෙවන, සිවුවන, සත්වන, අටවන, නව වන, දහවන සහ එකලොස්වන පියවරයන් මගින් උදර මාංශපේශීන් හා ඉන පිටුපස මාංශපේශීන් ආතතියට ලක්වේ. එමගින් උදරයේ සහ `ගටිය රදේශයේ මස්පිඩු එල්ලා වැටීම පාලනය වේ. එසේම දෙවන, සයවන, සත්වන. අටවන හා එකලොස්වන පියවරයන් මගින් බෙල්ලේ මාංශපේශීන්ට ව්යායාම සිදුවන අතර එමගින් බෙල්ලේ මාංශපේශීන් ශක්තිමත් වේ. දෙවන, තුන්වන, සිවුවන, පස්වන, හයවන, හත්වන, අටවන, නව වන, දහවන සහ එකලොස්වන  පියවරයන් මගින් බාහුවල මාංශපේශීන් වල එල්ලා වැටීමේ ස්වභාවය පාලනය කෙරේ. වයස්ගත වීමත් සමග බොහෝ විට උඩ බාහුවේ මාංශපේශීන්ගේ ශක්තිමත් භාවය අඩුවීම නිසා ඇතිවන මෙම තත්වයට සූර්ය නමස්කාරය මනා පිළියමකි. එසේම දෙවන, තුන්වන, සිවුවන, පස්වන, හයවන, හත්වන, අටවන, නවවන, දහවන, එකලොස්වන පියවරයන් මගින් පාද වල මාංශපේශීින් සදහා ව්යායාම සපයන අතර මෙමගින් විශේෂයෙන් කලවා මාංශපේශි  හා කෙණ්ඩා ශක්තිමත් වීම සිදුවේ. එබැවින් සිරුරේ මනා හැඩය පවත්වා ගැනීම සදහා මෙම සූර්ය නමස්කාරය ආසන වලින් මනා රුකුලක් ලැබේ.


එසේම සූර්ය නමස්කාරය රාණායාම ලෙස හදුන්වන ශ්වසන ව්යායාම කාණ්ඩයන්ද සමන්විත වේ. මෙම ශ්වසන ව්යායාම මගින්ද උදර හා බෙල්ලේ මාංශපේශීින් ශක්තිමත් වීම සිදුවේ. තවද පපු රදේශයට ව්යායාම සිදු වීමද වේ. ගායකයන් හා සංගීතඥයන් ස්වර අභ්යාස වලට මෙන්ම මෙම යෝග අභ්යාසයන්ට දැඩි උනන්දුවක් දක්වන්නේ එය ඔවුන්ගේ හැකියාවන් ඔප්නැංවීමට රුකුලක් වන බැවිනි. විශේෂයෙන්ම ශ්වසන ව්යායාම මගින් රුධිරය පවිත කිරීම සිදුවන නිසා එය චම_යට බලපායි. එසේම අහාර ජීර්ණය හා අවශොෂනය නිසි පරිදි සිදුවීම තුළින් පෝෂ් පදාර්ථ නිසි ආකාරව ලැබිමද ඡුවි වණ_යට එනම් (ිනසබ ජදපචකැංසදබ* රශස්ථ මට්ටමක පවත්වා ගැනීමට මෙය ඉතා වැදගත් වේ. රූපලාවන් ගැන කථා කිරීමේදී මානසික සුවතාව ඉතා වැදගත් වේ. මානසික පීඩනය රෝග රැුසකට මුල්වන අතර එමගින් පුද්ගල පෞරුෂයටද හානි පමුණුවයි. මානසික පීඩනය, හිසකෙස් යාම, තට්ටය පෑදීම. මුහුණේ කුරුලෑ ඒම, කඵ පැල්ලම් ඇතිවීම, ඇස්යට කඵවීම, මුහුණේ මාංශපේශීන් එල්ලා වැටීම ආදී වූ රුව අවලස්සන කරන්නා වූ කරුණු කාරණා වලට මග පාදයි. යෝග ව්යායාම මගින් ඇති කරන මානසික ඒකාගරතාව තුලින් ඉහත තත්වයන්ට පිළියම් සැපයේ. තවද මෙම අභ්යාස වල නිරත වීමේදී ආහාර අරුචිය නැතිවන අතර ආහාර මනා ලෙස පරිපචනය වන නිසා පෝෂ් පදාර්ථ පටක වලට නිසිපරිදි ලැබේ. තුලින් ඒවායේ මනා පැවැත්මක් ඇතිවන අතර වයසට යාම නම් වන මිනිසා විසින් පාලනය කිරීමට ඉමහත් වෑයමක් දරන්නා වූ ස්වාභාවික සංසිද්ධිය බොහෝ දුරට පාලනය කිරීමේ හා රමාද කිරීමේ හැකියාව ලැබේ.  එමගින් සෑම මනුෂ්යයකුම දැඩි ඇල්මක් දක්වන තාරුණ්යයේ රූප කාය හා මානසික ශක්තිය නිරෝගිව දිගු කලක් පවත්වා ගැනීමට හැකිවීම දායාදයක් ලෙස සැලකිය හැකිය.
එසේ හෙයින් රෝග නිවාරනයත්, නිරෝගී භාවය සුරැකීමත්, තුලින් සෞඛ් සම්පන්න දිවිපෙවතක් ගත කිරීම සදහා තම දෛනික චර්යාවන් අතරට සූර්ය නමස්කාර යෝග ව්යායාම පුරුදු පුහුණුකර පවත්වාගෙන යාම පෙර අපර දිග ජාති, ආගම් කුළ හා සංස්කෘතිකමය බාධාවන්ගෙන් තොරවුත් කාලීන වූත් යෝග්යතාවක් ලෙස හදුන්වාදිය හැකි .

තවත් වැදගත් දෙයක් මතක් කල යුතුය. 13/11/2012 දින විශේෂ සිදුවීමක්ද සූර්යා ඇසුරු කරගෙන අත්විදීමට බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබිනි. එම අභ්යාසය එදින සිදු කල අන්දම මෙසේ කෙටියෙන් විස්තර කල හැක.එදින මධ්යන 12 පසුවී විනාඩි 12(..12:12) හිරු එලිය වැටෙන ස්ථානයකය ගොස් සිත එකගතාවයකට පත් කර දෑස් පියාගෙන නැගෙනහිර දිශාව බලා සිරිමහ බෝධීන්වහන්සේගේ අඩවියට අයත් අනුරාදපුර කොට්ටියාරම දෙවොලේ බෝධී මූලයේ ධ්යාන ගතව වැඩ සිටින මිහිදු බෝධිසත්ව සූර්ය දිව්යරාජයන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවායැයි කියා සිතීමෙන්,අධිෂ්ඨාන කිරීමෙන්,මෙනෙහි කිරීමෙන් යම් ශක්තියක් අත්විදීමට හැකිවිය. මේ අභ්යාසය දැනුදු ඔබට සූර්ය නමස්කාරයට සමගාමීව සිදු කර බැලීමට හැකි බව කිව යුතුය. එය සූර්ය ශක්තිය හරහා අත්විදිය හැකි තවත් එක් අත්දැකීමක් වනු ඇත.


මේ අනුව සලකා බලන කල සූර්ය වන්දනාව යහපත් පුරුද්දක් මෙන්ම හොද මානසික හා කායික ව්යායාමයක් බව පැහැදිලිය. අතීතයේ හෙල ජනයා භාවිතා කල මේ සූර්ය වන්දනාව අපෙන් ඈත් වී තිබුනද වර්ථමානයේ බොහෝ දෙනා සූර්ය වන්දනාව සිදු කිරීම නැවත ආරම්බ කර ඇත. මේ සදහා ලොකු වියදමක් හෝ විශාල කාලයක් ගත නොවන අතර නිසා සූර්ය වන්දනාව දෛනික ජීවිතයට එකතු කරගන්නේනම් විශාල පිටුවහලක් වනු ඇත. සූර්ය වන්දනාව ගැන කරුණු රාශියක් ඇතත් මෙසේ දක්වා ඇත්තේ ඉන් ස්වල්පයක් පමණි. සූර් වන්දනාව පිලිබද අධ්යනය කිරීමට අන්තර්ජාලයේ(u tube) පවා මූලාශ් බොහෝ ඇති නිසා ඔස්සේද ඔබට සූර්ය වන්දනාවේ පියවරයන් පිලිබද වැඩි විස්තර දැනගත හැක.

සැ:යු - මේෂ ලග්න හිමියන් සූර්ය දේව නමස්කාරය කිරීමට ප්රථමයෙන් ප්යෝතිර්වේදියෙකු ලවා තම ජන්මපත්රය පරීක්ෂා කරවාගෙන ලග්න කේන්ද්රයේ සූර්යයාගේ පිහිටීම පිළිබඳව විමසීමක් කරගෙන පස්වැන්නාධිපතිට නමස්කාර කිරීමේ දෝෂ සහිත තත්වයෙන් අත් මිදී ඇත්නම් පමණක් මේෂ ලග්න හිමියන් සූර්ය දේව නමස්කාරය කිරීම මැණවි. නොඑසේ නම් සූර්ය දේව නමස්කාරය කිරීම අනතුරුදායකය.

උපුටා ගැනීම- right way-  Hiran Shashee Herath

Comments

Popular Posts