ඉන්දියානු ඉතිහාසඥයන්ට එපාවුණු ඉංග්‍රීසින්ගේ අශෝක අධිරාජය

ඉන්දියානු ඉතිහාසඥයන්ට එපාවුණු ඉංග්රීසින්ගේ අශෝක අධිරාජය


කෙනෙකු තව කෙනෙකුට යටත්වීම තරම් ශෝචනීය තත්වයක් තවත් නැත. බලවතා ඉදිරියේ  ඇද වැටෙන දුබලයා සිය පැවැත්ම වෙනුවෙන් බලවතා ඉදිරිපත් කරන ඕනෑම දෙයකට බොහෝ විට එකග වේයටත් විජිත යුගයේ ඉංග්රීසි ජාතිකයින් සිය ආධිපත් වඩාත් තහවුරු කරනු පිණිස යටත් වූ රටවල ඉතිහාසයසංස්කෘතිය ආගම වැනි දෑ අධ්යනයේ යෙදුනේ කුට උපායක් ලෙසටය. එම යුගයේදී අතනින් මෙතනින් කපා දමා රැලිපටි,  පීත්ත පටිඅල්ලා  බෝ ගැට ගසා වර්ණවත් කර දුන් ඉතිහාසය හැඳ පැළඳ  හැඩ බැලූ අපේ මුතුන් මිත්තන්ට නම් එය අපුර්ව වූ ඇඳුමක්  වීයඑහෙත් යටත් විජිත යුගයෙන් පසු ඉපදුන අලුත් පරම්පරාවට නම් අද එය පෙනෙන්නේ යන්තං විලිවසා අඩ නිරුවත් කොට ඇන්දවූ රෙදි පටක් මෙනි.  අවාසනාවට වහල් මානසිකත්වය ජාන වලින් රැගෙන යන පිරිසක්ද අප අතර අදටත් සීටිති . මේ අය සිරවී කොටු  වී සිටින්නේ දේවධර්මවාදීන් විසින් සිය ඉපැරණි න්යාය පත්රයට අනුව සකසා ගොනුකරදුන් ඉතිහාස ලියවිලි අතරය.

යටත් විජිත යුගයේ ඉංග්රීසින් ඉන්දියාවට ඉතිහාසය ලියාදී එහි කාලයන් නිර්ණය කර දී ඇත්තේ ඉන්දියාවේ පුරාන ග්රන්ථ අනුව නොව ලංකාවේ වංශ කතා බලායමේ නිසා අද ඉන්දියාව මුහුණ පා ඇත්තේ කුමක්දවසර සියයකට අධික කාලයක සිට ඉන්දියාවේ ඉතිහාසය Sherlock Holmes ගේ හෝ Hercules Poirot  ගේ අභිරහසක්   ලෙසට හොල්මන් කරමින් තිබේඉන්දියානු ඉතිහාසයේ  කාල වකවානු ගණනය කිරීමේදී ඉන්දියානු ඉතිහාසඥයන් අදටත් මේ ගැටලුවට මුහුණ දී තිබේ. 

යටත් විජිතවාදීන් කි.පු සියවසට අසෝක අධිරාජයකු ආදේශ කරන්නට ගොස් ඉන්දියානු  ඉතිහාසය විකුර්ති කල අයුරු ඉන්දියානුවන්  අද විවේචනයෙන් යුතුව කතා කරති. පළමුව අපි පහත සදහන් මේ තුන් දෙනා හදුනා ගනිමු. චන්ද්රගුප්ත මෞර්ය (අසෝක අධිරාජයාගේ සීයා)...... බින්දුසාර මෞර්ය (අසෝක අධිරාජයාගේ තාත්තා  ) ......... අසෝක මෞර්ය (අපේ මහාවංශය ඇතුළු එය බලා ලියූ පොත් පත් වල එන මෞර්ය අසෝක අධිරාජයා.)
1784 දී  එංගලන්තයට යටත් විජිත වූ කාලයේ ඉන්දියාවේ සිටි ඉංග්රීසි ආණ්ඩුකාරවරයා වන Warren  Hastings විසින් කාශ්මීරයේ පිහිටි නැගෙනහිර ඉන්දියානු සමාගමට නිලධාරියකු ලෙස Sir William Jones  පත් කරන ලදීඉන්දියාවේ කල්කටාහි ඉහල උසාවියේ අග් විනිශ්යකාරවරයා ගේ නියමය පරිදි ඔහු ඉන්දියානු ඉතිහාසය ලිවීම ආරම්භකරන ලදී. එංගලන්තයට ඉන්දියාවේ සිය ආධිපත් වඩාත් තහවුරු කර  ගැනීම සදහා ඉන්දියානු ඉතිහාසයභාෂාව සහ ආගම් ඇදහීම් ගැන විශේෂ දැනුමක් ඇති කර ගැනීමට අවශ් විය  අනුව William Jones විසින් ''Dabristan '' නමින් හැදින්වූ ඉතිහාස ලිපි  ලේඛන ඒකරාශී කරගත් අතර  එම කාර්යයේ පහසුව පිණිස Asian  Society of Bengal නම් පදනමක් පිහිටුවා ගන්නා ලදීඉන්දියානු ඉතිහාසය ලියා තිබුනේ පුරාන නම් ග්රන්තවලයමෙම ග්රන්ථවල අඩංගු වූ කරුණු සොයා බැලීම සදහා ඔහු සංස්කෘත භාෂාව ගැන නිපුනයකු වූ Radhakant Pandit  හවුල් කරගනු ලැබීය.  Williams Jones ක්රිස්තු භක්තිකයෙකිඔහුගේ ක්රිස්තියානු ධර්ම විශ්වාසයට අනුව ලෝකය මවා ඇත්තේ කි. පු4004 ඔක්තෝම්බර් මාසයේ 23 වනදා උදේ ටය.  අනුව කි.පු 4004  වඩා බොහෝ සෙයින් පැරණි වූ පුරාන ග්රන්ථවල ඇති දින වකවානු පිලි ගන්නට William Jones කැමති නොවීයඑහෙත් මහා පුරාන වල නිවැරදි භාවය තරකාශාස්ත් ගණනය කිරීම් වලින්ද  තහවුරු කර තිබේ. 1642 දේ මහාචාර්ය Light Foot ලෝකය වසර මිලියන ගණනාවක් පරණයයි කියන ලදීමෙයින් කෝපයට පත් නායක බිෂප්තුමා මෙය ආගම කෙළසීමක් ලෙස ගත්තේයමේ අනුව පුජක Usher ගේ යටතේ අයර්ලන්තයේ රැස්වීමක් කැදවා ලෝකය බිහිවුයේ කි පු 4004 ඔක්තෝම්බර් 23 වනදා උදය  බව පවසන ලදීමෙයට විරුද්ධව කතාකරන කවුරුන් හෝ වේනම් හෙතෙමේ මිත්යාලබ්ධිකයකු ලෙස සලකන ලබන බව පැවසීය. මෙවැනි තත්වයක් තුල William Jones  ඉන්දියානු ඉතිහාසයේ කාල වකවානු නිර්ණය කිරීම සදහා රෝම සහ ග්රීක පොත පත පරිශීලනය සදහා යොමුවීයඉන්දියානු ඉතිහාසය නිර්ණය සදහා සමකාලීන පුද්ගලයින් දෙනකු පාදක කරගනු ලැබේඉන්දියාවේ චන්ද්රගුප්ත රජමැසිඩෝනියාවේ ඇලෙක්සැන්ඩර් රජ සහ මෙගස්තීන්ස්ය (Megesthenes ).

කි.පු 327- 323 කාලයේදී ඇලෙක්සැන්ඩර් රජ ඉන්දියාව ආක්රමණය කරන ලදී. Megasthenes යනු කි.පු302 දී Seleucus Nicator විසින් ඉන්දියාවට යවන ලද ග්රීක තානාපති  වරයෙකි (දුතයෙකි). Seleucus Nicator යනු ඇලෙක්සැන්ඩර් රජුගේ හිටපු ජෙනරාල්වරයකු  වන අතර ඔහු බැබිලෝනියාවේ පාලකවරයාවීය. Megasthenes ඉන්දියාවේ වසර ගණනාවක් ජීවත් වූ අතර ''Raicoca '' නමින් ඉන්දියාව ගැන ග්රන්ථයක් ලියන ලදී.  මෙහි මුල් පිටපත දැනට සොයාගත නොහැකි අතර මෙම පොතේ කොටස් එම යුගයේම ග්රීක ලේඛකයන් විසින් සිය පොත්  පත් ලිවීමේදී උපුටා ගන්න ලදීමෙසේ උපුටා  ලියා ඇති කොටස් එම පොත් පත් වලින් ජර්මන් ජාතිකආචාර්ය Schwanbeck  මහතා විසින් 19 වන සියවසේදී  ඒකරාශී කර ගත් අතර එසේ එක් රැස් කරගත් කරුණු අනුව ලියූ  පොත  ''Indika '' නම් වියඑම එම පොත අලලා J . M . McCrindle විසින් ඉංග්රීසි බසින් Ancient India as Described by Megasthenes and Arriyan නමින් පොතක් පලකරන ලදී.

මේ අනුව Megasthenes කි පු302 දී මුණගැසෙන ඉන්දියානු රජගේ නම ''Sandrokottas'' . එම රජුගේ රාජධානියේ නම ''Prassi '' එම රාජධානියේ අගනුවර ''Palimbothra '' .  Sandrokottas රජවන්නේ ඉන් පෙර රාජවංශයේ රජවන Xandrammes මරාය. Sandrokottas රජගේ පුතාගේ නම Sandrocyptus  William Jones මෙම Sandrokottas යන නාමය චන්ද්රගුප්ත යන නමට සමාන බව සලකා Sandrokottas යනු මෞර්ය චන්ද්රගුප්ත යයි ප්රකාශ කරන ලදී. එහෙත්  පුරාන ග්රන්ථ වලට අනුව මෞර්ය චන්ද්රගුප්තගේ පුතාගේ නම බින්දුසාරයමෞර්ය චන්ද්රගුප්ත රජවන්නේ  මහාපදමනන්ද රාජවංශයේ ධනනන්ද රජ මරාය. මෞර්ය වංශිකයන්ගේ රාජධානිය ඉන්දියාවේ මධ් දේශයයි. මේ අනුව බලන කල Sandrokottas  මෞර්ය චන්ද් ගුප්ත ලෙස ආදේශ කරගැනීම සිතා ගන්නටවත් අපහසුය.   William Jones ගේ මෙම ප්රකාශයෙන් වසරකට පසු ඔහු මියයන්නේයබගවත පුරාණයට වඩා වැඩි යමක් Williams කියවා නොතිබුණිබගවත පුරාණයේ ඇති ඉතිහාසය ඉවර වන්නේ අන්ද්රා රාජ වන්ශයෙන්යඉන් පසු ඇති අනෙක් රාජ වංශ ගැන ලියවී ඇත්තේ වයු පුරාණයමත්ස් පුරාණයකලියුග රාජවන්සවලී යන අදියේයඉන්දියානු ඉතිහාසයේ මහාපුරාන ග්රන්ථවල චන්ද්රගුප්ත රජවරුන් දෙදෙනෙකුත්  දෙදෙනාටම අශෝක නමින් මුණුපුරන් දෙදෙනෙක් සිටි බව William  දැන සිටියේ නැතමින් එක චන්ද්රගුප්ත කෙනෙකු මෞර්ය වංශිකයකු වන අතර අනෙක් චන්ද්රගුප්ත රජ ගුප්ත වංශිකයෙකි.  William Jones ගේ  මරණින් පසුද ඉන්දියානු ඉතිහාසය ලිවීම සදහා උත්සුක වූ ඉංග්රීසි ජාතිකයින්  නිවැරදිව කිසිවක් සොයා නොබලා,  William ගේ මෙම මෞර්යවංශ චන්ද්රගුප්ත අදහසම සත්යක්‌ ලෙස රැගෙන ගියේයමේ අතරතුර ඉංග්රීසි ජාතික James  Princep විසින් දේවානම් පියන පියදසින නමින් ලියා ඇති සෙල්ලිපි ඉන්දියාවෙන් සොයා ගන්න ලදීඑමෙන්ම ලංකාවේ රාජකාරියේ නියුතුවී සිටි George  Turnour මහා වංශය පරිවර්තනය කර  අනුව එම සෙල්ලිපි ලියා ඇති පියදසින නම් තැනැත්තා මෞර්ය අශෝක රජ බව  නිර්ණය කලේයMax Muller (ආර්ය සංක්රමණ මතය ගොඩ නැගු,  මේ මතය බැහැර වී දශක කීපයක් වේ 1859 දී කිපු320 දී රජවූ Sandrokottas යනු මෞර්ය චන්ද්රගුප්ත ලෙස සනාත කරන ලදී. මෙම කිපු320 වසර පාදක කරගෙන V .A . Smith මහතා මෞර්ය චන්ද්රගුප්තට පෙර සහ පසු ලෙස ඉන්දියානු ඉතිහාසය ගණනය කිරීම් ආරම්භ කළේයඔහුට මෙම ගණනය කිරීම් වලදී පුරාන ග්රන්ථවලට අනුව රජවරුන් ගේ රාජවන්ශයන්  ආදේශ කරගත නොහැකි වියඑබැවින් ඔහුට සිතුන සිතුන පරිදි රජවරුන්ගේ රාජවර්ෂ කපා දමා තිබේ අනුව William  Jones ගේ සිට V. M . Smith  මහතා දක්වා කල ඉන්දීය ඉතිහාසයේ ගණනය කිරීම් වලදී ඉන්දියානු ඉතිහාසයෙන් වසර 1300  පරිච්චේදයක් ඉංග්රීසින් විසින් කප්පාදු කර තිබේ. වසර 1300  හිස්තැනක් ඉන්දියානු ඉතිහාසයට එකතු කිරීම පුරාන ග්රන්ථ වල වාර්තා වලට පටහැනියලංකාවේ මහාවංශය  පෙරලා ගෙන  අනුව බෞද්ධ අසෝක කෙනෙකු ආදේශ කරකරගන්නට ගොස් ඉන්දියානු ඉතිහාසය සුද්දන් විසින් වනසා  දමා තිබේඉන්දියානු ඉතිහාසඥයන්ට අදටත් Sandrokottas,  මෞර්ය චන්ද්රගුප්ත ලෙස ඉංග්රීසීන් හැදුන්වුයේ කෙලෙසද යන්න සිතා ගන්නටත් බැරිය.
මහා පුරාන ග්රන්ථවලට අනුව මෞර්ය චන්ද් ගුප්ත රජවන්නේ කලින් සිටි මහා පද්මනන්ද රාජවංශයේ  රජ මරායචන්ද්රගුප්ත මෞර්ය ගේ පුතා බින්දුසාර මෞර්යයබිදුසාර මෞර්ය ගේ පුතා අශෝක මෞර්යයමෙම මෞර්ය රාජවංශයේ රජවරු දෙනෙකු සිටින  අතර ඔවුන්ගේ රාජධානිය මධ් දේශයේ පිහිටි අතර එහි අගනුවර Girivrajaya.  (එහෙත් මහාවංසයේ එන්නේ මෞර්ය රාජවංශය මගධයේ පාලනය කල බවත් මගධයේ අගනුවර පාටලීපුත් බවත්ය.) පසු කලක මෞර්ය චන්ද්රගුප්ත රජතුමා සිය රාජධානිය අතහැර ජෛයින පුජකයකු වී සාමාන් පුද්ගලයකු ලෙස Sharavanbelagola දී මිය යන්නේය. පුරාන ග්රන්ථ අනුව මෞර්ය අශෝකද බ්රාහ්මණ ආගම ඇදහු පුද්ගලයකි. ඔහු බ්රාහ්මණයන්ට මෙන්ම ශ්රමනයන්ටද එකසේ සලකා තිබේමෙහි ශ්රමණ යන්නයේ අරුත බෞද්ධ ශ්රමනයන්ද යන්න තේරුම් ගත නොහැක්කේ පුරාන ග්රන්ථවලට අනුව මෞර්ය අසෝක සිට ඇත්තේ කි.පු 1500 යේය, (එනම් බුද්ධෝත්පත්තිය සිදුවන්නට සියවස් ගණනාවකට පෙරය.).  පුරාන ග්රන්ථවලට අනුව අන්ද්රා රාජවන්ශය දක්වා ඉහත වූ ඉන්දියාවේ පෙදෙස් විදේශිකයන් විසින් ආක්රමණය කල බව නොදැක්වේඑහෙත් Megasthenes දුතයකු ලෙස එන්නට පෙර වසර විසි එකත්,  විස්සිපහත් අතර කාලය  ඉන්දියාව මහා ඇලෙක්සැන්ඩර් රජු ආක්රමණය කළේයමෞර්ය වංශිකයන් රජකම් කරන්නේ අන්ද්රා රාජවන්ශිකයන්ට පෙරය අනුව Alexander මෞර්ය වංශිකයන්ගේ කාලයේ ආක්රමණය කලා යයි  කීම පිළිගත නොහැකිය. චන්ද්රගුප්ත මෞර්යට සිය  රාජධානිය ව්යාප්තිය උදෙසා උපදෙස් දෙනු ලැබුවේ ඔහුගේ ගුරු Chanakya  එහෙත්  Megasthenes,  Chanakya ගැන කිසිවක් සදහන් කර නැතඑමෙන්ම කුමන අවස්තාවකදී  වත් Megasthenes කි.පු 302 කාලයේ මෞර්ය වංශිකයන් රජ කල බවට සදහන් කර නැතMegasthenes විසින් සදහන් කරන කරුණු කිසිවක්  අනුව මෞර්ය චන්ද්රගුප්ත හා ගැලපෙන්නේ නැතඑසේ තිබියදී එක නමක සුළු සමාන කමක් දැක එතනට මෞර්ය  චන්ද් ගුප්ත ආදේශ කිරීම ගැන ඉන්දියානු  ඉතිහාසඥයන් පවසන්නේ ඉංග්රීසින්ගේ වංචාවක් බවය. බටහිර යුරෝපීය ජාතිකයනුත් ඔවුන්ගේ අනුගාමිකයනුත් කිපු . 3   මෞර්ය වංශිකයන් ආදේශ කර ගත්තද එවැන්නක් ඔප්පු කිරීමට ඉන්දියාවට කිසිම සාධකයක් නැත්තේයV A Smith මහතාද අවසානයේ පවසා  ඇත්තේ එවැන්නක් ඔප්පුකරන්නට කිසිම පුරා විද්යාත්මක සාධකයක් හමුවී නැති බවය. Megathenes ගේ ලියකියවිලි අනුව යම් සමාන කමක් ගුප්ත වංශික චන්ද්රගුප්තට ඇති බව විශ්ලේෂකයින් ගේ මතයයි.  ගුප්ත වංශික චන්ද්රගුප්තගේ පුතාගේ නම සමුද්ද්රගුප්තය අනුව Megasthenes   ලියා ඇති  Sandrocyptos යන නම සමුද්රගුප්ත යන නමට බින්දුසාර (මෞර්ය චන්ද්රගුප්ත ගේ පුතායන නමට වඩා ගැලපේගුප්ත වංශික චන්ද්රගුප්ත රජවන්නේ චන්ද්රශ්රි හෙවත් චන්ද්රමස් මරාය.

Megasthenes   ලියා ඇත්තේ Xandrammas මරා කියාය.  Xandrammas  නම චන්ද්රශ්රි හෙවත් චන්ද්රමස් නමට,  ධනනන්ද  (මෞර්ය චන්ද්රගුප්ත මැරූ රජනාමයට වඩා ගැලපේ.  මහාපුරාන වලට අනුව අන්ද්රා රාජවංශය  තෙක් විදේශිකයන් ඉහත පෙදෙස් ආක්රමණය කර නැති බව දැක වේ. ඇලෙක්සැන්ඩර් මෙම පෙදෙස් ආක්රමණය කරන්නේ ඉන් පසුය. ගුප්ත වංශික චන්ද්රගුප්ත සිය රාජධානිය ගොඩ නගා ගන්නේ නෂ්ටාවශේෂ වී ගිය අන්ද්රා රාජධානිය මතය. අන්ද්රා රාජවංශයේ අවසානියා වන චන්ද්රබිජා රජ මරා දමන එම රජුගේ හමුදා නායකයා වන චන්ද්රගුප්තගුප්ත රාජ වංශයකට ආරම්භයක්  පුරමින් රජ වන්නේ එලෙසයමොහුට ලොකු හමුදාවක් තබුනු අතර භාරතය පුරා ලොකු රාජධානියක් ගොඩ නගා ගන්නේයමෞර්ය වංශිකයන්ගේ අගනුවර වූ Girivrajaya නගරය සිය අගනුවර ලෙස නොගෙන මොහු වෙනස් කලේ . කි.පු 3 වන සියවසේ ලියවුනු ග්රීක ලිපි  ලේඛන අනුවද එම යුගයේ ඉන්දියාවේ විශේෂ බෞද්ධ ප්රබෝධයක් ගැන හෝ බෞද්ධ භික්ෂුන් ගැන කිසවක් සදහන් නොවේ.

Pandit Bhagavadatta මහතා Megasthenes ගේ වාර්තා සම්බන්ධයෙන් මැනවින් අධ්යයනය කල අයෙකිඑම කරුණු අධ්යයනය කර ඔහු ලියා දක්වා ඇත්තේ මෙසේයයමුනා ගඟ ගලා යන්නේ Palibothra හෙවත් Paribhadra හරහායමෙය Prassi රාජධානියේ අගනුවරයPalibothra පිහිටා  ඇත්තේ Prayanga සිට සැතපුම් 200ක් ඈතින් මතුර  යන මාර්ගයේයමෙම රාජධානියේ රාජ පරම්පරාව හදුන්වන්නේ Prabhadrakas හෝ Paribhadrakas  ලෙසයමෙහි රජුගේ නම චන්ද්රකේතුයඅගනුවර වන Paribhadra , Sindu - Pulinda වලට ආසන්නයේ පිහිටා ඇතSindu - Pulinda  පිහිටා ඇත්තේ ඉන්දියාවේ මධ් දේශයේයඅද එය හදුන්වන්නේ Kali Sindha ලෙසයපාටලීපුත් යන නම Palimbothra කියා ග්රීක භාෂාවෙන් ලියා ගත නොහැකමෙහිදී පාටලී  යන වචනයේ අකුර ග්රීක භාෂාවෙන්ද ඉංග්රීසි ලෙස ලියා තිබේඑහෙත් පුත් යන වචනයේ අකුර ග්රීක භාෂාවේදී නැවත අකුර ලෙස ගෙන තිබේඑම නිසා පුත් යන වචනය බොත් කියා ලියාගත නොහැකඉන්දියාවේ මධ්යදේශයේ පාටලීපුත් කියා කිසිම නගරයක් තිබී නොමැතමහා පුරාන වල එවන් නගරයක් සදහන් වන්නේ නැත. කි .පු 327  මෞර්ය වංශිකයින් ඉංග්රීසින් ආදේශකර ඇත්තේ ceylonese   chronicals (ලංකාවේ වංශකතා ) බලා මිස ඉන්දියානු පොත පත බලා නොවේඑම වංශ  කතා ලියා ඇත්තේ සියවස් ගණනාවක් ගොසින් පසුව බැවින් ඒවා බොහෝ සෙයින් ව්යකුල අදහස් වලින් යුක්තයඑබැවින් ඒවායේ අඩංගු දේ විශ්වාස කල නොහැක. ග්රීක වාර්තා අනුව මෙන්ම පුරාන ග්රන්ථ වාර්තා වලට අනුවද ඉංග්රීසින්ගේ කිපු327  ඉන්දියාවේ මෞර්ය වංශිකයන් ආදේශ කිරීම අනුමත කල නොහැක. 

ඉංග්රීසින් විසින් කි.පු3 වකවානුවේ මෞර්ය අශෝක රජ කෙනෙකු ගිරි ලිපි ලියා ඇතියි කීවත් ස්ථීර ලෙසම ඒවා ලීවේ කවුරුන්ද යයි කිව නොහැකියඒවා එක්කෙනෙකු විසින් ලීවාද නැත්නම් දෙදෙනෙකු ලීවද යන්නද ඉන්දියාවට කිවිය නොහැකඑමෙන්ම එම ගිරි ලිපි සියල්ල ලියා ඇත්තේ කුමන වකවානුවකද යන්න ස්ථීරවම කිව නොහැකඑම ගිරි ලිපි වල 13 වන ගිරි ලිපියේ රටවල් 13 කට බෞද්ධ දුත කණ්ඩායම් යවනලද බව ඉංග්රීසින් අපට කීවත් එසේ යවා ඇත්තේ බෞද්ධ දුත කණ්ඩායම් බව ස්ථීරවම ලියා නොමැතඑහි ලියා ඇත්තේ වෛද් ආධාරක කණ්ඩායම් යැවූ බවයඑම ගිරි ලිපි ලියා ඇති තැනැත්තා සියලු  ආගම් වලට  එකහා සමානව සැලකු බව පෙනෙන අතර ඔහු බෞද්ධයකු බවත් පෙනේ. එහෙත් ඔහු නියම බුද්ධ දර්ශනය දැන සිටි පුද්ගලයකු  යයි සැක සිතේ.    කල්හාන්ගේ රාජතරන්ගනී වලට අනුව නම් ජෛයින අසෝක කෙනෙකු ජෛයිනයන් සදහා විහාර විශාල ප්රමාණයක් කර ඇති බව දැක්වේමෙම කාශ්මීරයේ ගොනානන්ද අසෝක සිය පව් හොදා දැමීම සදහා බුදුදහම වැළද බෞද්ධ වෙහෙර විහාරද සාදා Shiranagari හි නිවාස ලක්ෂ ගණනක ප්රමාණයක් ඉදිකර තිබේඇතැම් ගිරිලිපි ඔහු විසින් ලියා ඇති ඒවා යයි සිතීමටද පුළුවන.


මෙහි ඇත්තේ Alexander   Cunningham ගිරි ලිපි 1.2   පිටපත් කරගෙන ඇති ආකාරයයි

Description
English: Ashoka's Rock Edict at Girnar.
Date
1877
Source
Author
Aśoka, Alexander Cunningham, Eugen Hultzsch

Alexander   Cunningham  විසින් ගිරි ලිපි පිට පත් කිරීමේදීද බ්රාහ්මීය නොවන අක්ෂරද ඔහුගේ පිටපත් වල ලියාගෙන තිබේ. .  අනුව ඉංග්රීසින්ගේ මෙම ගිරි ලිපි පරිවර්තන කොතරම් නිවැරදිද යන්න සොයා බැලිය යුතුය.


මෙහි ඇත්තේ ගිරි ලිපි ගලේ ලියා ඇති ආකාරයයි

2008 ඔක්තොම්බර්  26-28 ඉන්දියාව්  දිල්ලි  නගරයේ  පැවැත්වූ  ජාත්යන්තර  සම්මන්ත්රනයෙදී  ''Sawaswathie River and Hindu Civilization'' නමින්  ඉදිරිපත්  කිරීමක්  කල  K. V. Ramakrishna Rao මහතා  කියා  සිටියේ  අධිරාජ්යවාදීන්  ගේ   යල්පැනපු  විද්යාත්මක  නොවන   මත   ඉවත්   කර  නවීන  සොයාගැනීම්  එකතු  කර  ඉන්දියානු  ඉතිහාසය  යාවත්කාලීන  කලයුතු   බවය . ඉන්දියානු ඉතිහාසයේ අශෝක රජුගේ කාලය නිර්ණය කිරීම වැදගත් සාධකයක් වේ.  එහෙත් ඉංග්රීසින් මෞර්ය අශෝක කි.පු 3 වන සිය වසට ආදේශ කිරීම කෘතීම එකකි අනුව වසර 1400  පමණ පරතරයක් ඉන්දියානු ඉතිහාසයට එකතු කර තිබේ. ඉංග්රීසින් ජෛයින  අසෝක,  බුදුන්  ජෛයින මහාවීර  පටලවා ගෙන තිබේබටහිර යුරෝපයේ විද්වතුන් එකල බුද්ධාගම ජෛයින ආගමින් ආරම්භවූ වක් ලෙස හෝ බුද්ධාගම සහ ජෛයින  ආගම එකක් ලෙස ගෙන තිබේ. මොවුන් ජෛයින ගෞතම සහ බුදුන්වහන්සේ එක කෙනෙකු ලෙස පටලවා ගෙන  අනුව අශෝක කි.පු272  එකතුකර ගෙන තිබේමෙසේ අසෝක සහ බුදුන් එකට  එකතු කිරීම සදහා ඉංග්රීසින් කර ඇති වංචාවන් බොහෝයපිප්රහව කපිලවස්තු බුදුන්ගේ ධාතු සොයා ගැනීම එම බොරුව තහවුරු කිරීම සඳහා  එයට ඈදාගත් වංචාවකි.  එහි ඇති ශාක් වරුන් ලියා ඇතයි කියන ලිපිය ඉංග්රීසින් ගේ හොර ලිපියකි. (මේ අනුව බලන කල ඉංග්රීසි විද්වතුන් පමණක් නොව ඉන්දියාවේ විද්වතුන්ද කපිලවස්තු ධාතු සොයා ගැනීම මගඩියක් ලෙස  පිළිගෙන තිබේ ). මෙම ලැබුණු ධාතු පෙට්ටියේ  කාන්තාවකගේ රාගය අවුස්සන සුළු කුඩා රන් ප්රතිමාවක්ද හමු වී තිබේ.  පිප්රහව ස්තුපය ස්ථුපයක් නොවේඑය වාස්තු විද්යාවට (ගෘහ නිර්මාණ  ශිල්පයය අයත් නටබුමකට වඩා එය ඉංජිනේරු (යන්ත් නිර්මාණ) ශිල්පයට අයත් නටබුමකිඅසෝක ගේ රාජ කාලය නිර්ණය කර ගනු පිණිස Anton Alois විසින්ම  ලියා ඇති නේපාලයේ හොර සෙල්ලිපි භාවිතකර තිබේ. ලොමස් ඍෂි ලෙනද කිපු 272 ඉංග්රීසින්ගේ බොරු අශෝක යුගයට ඈදා ගෙන තිබේ. ඉංග්රීසින් විසින් සාදා දුන් ඉතිහාසය අද ඉන්දියාව භාර ගෙන තිබුනත් එම ලියා දුන් ඉතිහාසය ඉංග්රීසින්ගේ හොර සෙල්ලිපි මත ගොඩනගා තිබේමෙම ඉතිහාසය පිටිපස Buhler  ගේ සියදිවිහානිකර ගැනීම හෝ අභිරහස් අතුරුදන්වීම මෙන්ම  Anton Alois Fuhrer රැකියාවෙන් නෙරපා දැමීමක්  ඇති බවට ඉන්දියානුවන් වැඩි පිරිසක් නොදනී. (මෙම කියමන ඉන්දියානු විද්වතෙකුම ඉදිරිපත් කිරීම විශේෂයකි)

පළවැනිදෙවැනි තුන්වන සංගායනා ගැන කියවා ඇතත් බුදුන් උපන්දේශය දෙවැනි හා  තුන්වෙනි සංගායනාව අතර තුර කාලයේ මහා ඇලෙක්සැන්ඩර්  රජ ආක්රමණය කල බව කිසි දිනක බෞද්ධ ඉතිහාසයේ කියවා නැතනමුත්  ඉන්දියාව මහා ඇලෙක්සැන්ඩර්  රජ එසේ ආක්රමණය කර තිබේඑමෙන්ම මෞර්ය අසෝක වෙහෙර විහාර 84000 කල බවටතුන්වන සංඝායනාවක් කල බවටඔහු බුදු දහම පතුරුවා හැරි බවටඔහුට මහින්ද සංඝමිත්තා නමින් දරුවන් දෙදෙනෙකු සිටි  බවටබිරිදක් කටු ගසා ගිනිතියා සිරි මහා බෝධිය විනාශ කල බවටබුදු කෙනෙකු ඉන්දියාවේ වැඩ සිටි බවට  පුරාන ග්රන්ථ වලින්හෝ කිසිම ඉන්දියාවේ පැරණි පොතකින්  කිසිම සාක්කියක් ලැබෙන්නේ නැත.  එවැනි  මෞර්ය වංශික අසෝක කෙනෙකු දඹදිව සිටි බවට ලංකාවේ මහාවංශයේ හා එය බලා ලියන ලද පොත් පත් වල ලියා තිබෙනවා  මිස ඉන්දියාවේ පැරණි පොත් වල අඩංගු නොවේඉන්දියාවේ සිටි මෞර්ය වංශිකයින් දඹදිවට වඩම්මවා ගෙනවිත්  මහාවංශයට  ඇතුළු කලේ කවුද?  මහාවංශය ලියු  මහානාම පුජකවරයාද?  ඔහු විසින්ම කියා ඇති පරිදි ඔහු මහාවංශය ලියා ඇත්තේ සිහල අට්ට කතා බලා ඔහුට රිසි පරිදි ඒවායේ කොටස් අරගෙනය. (පසුව එම සිංහල අට්ට කතා පොත් පුලුස්සා දමා තිබේමහාවංශය ලියු මහානාම පුජකවරයා අපේ රටේ පාෂාණ දීප වාසී උපතිස්ස හිමිගේ බලවත් විරෝදය මත පැන ගියබවද දැක්වේ.) එසේ නොමැති නම් William Jones, Sandrokottas යන නාමයට චන්ද්රගුප්ත මෞර්ය  කියා ආදේශ කර ගත්තා සේ George  Turnour මහා වංශය පරිවර්තනය කරද්දී  මෙම මෞර්ය   අසෝක මහාවංශයේ ඇති වෙනත් නාමයකට ආදේශ කරගෙන William Jones   ගේ ඉන්දියානු ඉතිහාසය රැක දෙන්නට කුට උපායක් යෙදුවාද?  මේ රටේ  මෙතරම් කාන්තාවන් සිටියදී පිටරටින් කාන්තාවන් රැගෙන ඒමේ අපේ රජවරුන්ට තිබු අමන ගායට අද රටවල් දෙකක ඉතිහාසය විකුර්ති වී තිබේ. (මහානාම පුජකවරයා යනු මහානාම රජු ඉන්දියාවෙන් ගෙනත් විවාහ කර ගත් බිරිද ගේ මාමා .)  එමෙන්ම ඉංග්රීසින්ගේ ඉපැරිණි දේවධර්ම න්යාය පත්රය නිසා  අපටද බලිතාරකරාවණ යන යුග අහිමිවී තිබේඒවා මිත්යා ප්රබන්ධ ලෙස බැහැර කර තිබුණි. කෙසේ උවද  ඉන්දියාව ඉංග්රීසින් ලියා දුන් ඉතිහාසය ඉවත් කර තම සැබෑ ඉතිහාසය අනාගතයේදී  ලියා ගත් දිනක අපටද සිදුවන්නේ ඉන්දියාවෙන් බුද්ධාගම  රැගෙන  මහින්දාගමන පරිච්චේදය කටුගා දමන්ටයඑවන් දවසක  සුද්දන් විසින් ලියාදුන් දෙයටම කොටු වූ වහල් මානසිකත්වයට යටවූ ඇත්තන්ට  නැවත දෙවරක් හිතන්නට සිදුවනු  ඇත.

මුලාශ් ග්රන්ථ
(1)A Peep into the historic past : seminar papers / [editor], V.G . Ramachandran.Madras : International Society for the Investigation of Ancient Civilization 1982

(2)De falsification of Indian History ,  By Dr. Subramanian Swamy

(3)Papers of Andra Pradesh History Congress, 19-21, January 2001
(4)Papers on Sawaswathie River and Hindu Civilization, The international Seminar,  New Delhi  26 - 28 October2008

(5)Some Blunders of Indian Historical Research  P. N. Oak
(පරිවර්ථනය හා පෙලගැස්ම සුභාෂිනී කුමාරි)

උපුටා ගැනීම-  Hiran shashan herath



Comments

Popular Posts