අද්බුත සමානත්වය

ඔරායන් බද පටිය හා පිරමිඩ අතර ඇති සබැදියාව.

ඔරායන් හෙවත් දඩයක්කාරයා ලෙස හදුන්වන්නා වූ තාරකා රටාව නොදන්නා කිසිවකුත් ඇතැයි සිතිය නොහැක. තරම් ඔරායන් තාරකා රටාව ප්රසිද්ධය.දෙසැම්බර් හා ජනවාරි යන මාස වල රාත්රී හතෙන් පසු ලංකාවට ඉහළ අහසේ මෙම තාරකා පන්තිය වඩාත් පැහැදිලිව දැක ගත හැක. ග්රීක කතන්දර අනුව මෙම තාරකා රටාවට දඩයක්කාරයා යැයි නම් තැබීමට හේතුව මෙසේය. අතීත ග්රීක කතන්දරයකට අනුව ග්රීසියේ සිටි රූමත් තරුණියන් සත් දෙනෙකු දිනක් කැළයක් තුලින් ගමන් කරමින් සිට ඇත. මේ රූමත් ළදුන් සත්දෙනා වනය තුලින් ගමන් කරමින් සිටියදී ඔරායන් හෙවත් දඩයක්කරු මේ තරුණියන් දැක ඔවුන් පසුපස හඹා ගොස් ඇත. කෙසේ හෝ දඩයක්කරුගෙන් බේරුණ මේ තරුණියන් මේ බව සීසර් අධිරාජ්යයාට පැමිණිලි කර ඇත. මේ රූමත් තරුණියන් සෑම අයෙකුටම දැක බලා ගන්නත්, තරුණියන්ගේ ආරක්ෂාව සදහාත් අහසේ තාරකා හතක් බවට පත් කර ඇත. අද අප හත්දින්නත් තරු ලෙස හදුන්වන්නේ ග්රීක පුරාවෘත්ත වල කියැවුන පෙර කී යුවතියන් සත් දෙනාය. මේ බව දැනගත් දඩයක්කරු සිත් වේදනාවට පත්ව හත්දින්නත් තරු රටාව ආසන්නයේම තරු රටාවක් බවට පත් වී ඇත. ඔරායන් හෙවත් දඩයක්කරු ලෙස අප හදුන්වන්නේ එම තාරකා රටාවයි





















ඔරායන් හෙවත් දඩයක්කාරයා.

ග්රීක පුරාවෘත්ත වල ඔරායන් එසේ හැදින්වුවත්, ඔවුන්ට එම චරිත වැදගත් වුවත් අපට ඔරායන් වැදගත් වන්නේ හාත්පසින්ම වෙනත් කරුණක් නිසාය. නම් ලෝක ප්රසිද්ධ ඊජිප්තුවේ ගීසා හි පිහිටි අති දැවැන්ත පිරමිඩ ත්රිත්වයක් වන කූෆු, කෆරේ හා මෙන්කවුරේ යන පිරමිඩත්ශ්රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටා ඇති අටමස්ථානයට අයත් රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන සුවිසල් දාගැබ් ත්රිත්වයත් පෙර කී ඔරායන් තාරකා රටාවේ බද පටිය ලෙස සැළකෙන ඇල්නිටැක්, ඇල්නිලම් හා මින්ටාකා යන තාරකා ත්රිත්වයට අනුරූපීව නිම කර තිබීමයි


ඔරායන් තාරකා පන්තිය.

ලොව ගලෙන්, ගඩොලින් නිර්මිත දැවැන්තම නිර්මාණයන් වන මෙම පිරමිඩ හා චෛත්යයන් ඔරායන් තාරකා රටාවේ බද පටියට අනුරූපීව නිර්මාණය කලේ කවුරුන්ද? කුමක් නිසාද? නැත්නම් මෙය අහඹු සිදුවීමක්ද? මේවා විසදා ගත යුතු, තවමත් නිවැරදි පිළිතුරක් සොයාගත නොහැකිවූ ප්රශ්ණ වැලකි. දෙස් විදෙස් වියතුන්, ගවේශකයින් මේ සම්භන්ධව විවිධ අර්ථකතන ඉදිරිපත් කලත් සමස්ත ලෝක වාසීන්ට පිළිගත හැකි පිළිතුරක් තවමත් නැත.

ඊජිප්තුවේ පිරමිඩ පිහිටීම


අනුරාධපුරයේ දාගැබ් ත්රිත්වය.

ඔරායන් බද පටියේ තාරකා වලට පිරමිඩ සමපාත වන අයුරු.

ඊජිප්තුවේ, ශ්රී ලංකාවේ පමණක් නොව මෙක්සිකෝවේ ඇස්ටෙක්වරුන් (Aztec) විසින් නිර්මිත පිරමිඩ ත්රිත්වයත්, චීනයේ Xian පිරමිඩ ත්රිත්වයත් ඔරායන් බද පටියේ තාරකා ත්රිත්වය හා සැසදේ. ඍජු ලෙසම ලංකාවේ දාගැබ් ත්රිත්වය පිරමිඩ ලෙස ගැනිය නොහැකි වුවත්, දාගැබක් යනු එක්තරා අන්දමක පිරමිඩ විශේෂයක් වේ. කෙසේ වෙතත් අහඹු ලෙස හෝ පුදුමයට පත්වන අනිත් කරුණ වන්නේ මෙක්සිකෝවේ Aztec පිරමිඩ තිබෙන ස්ථානයත්, ඊජිප්තුවේ Giza පිරමිඩ තිබෙන ස්ථානයත්, චීනයේ Xian පිරමිඩ තිබෙන ස්ථානයත් සිතියමක ලකුණු කල විට, එම ස්ථාන ත් ඔරායන් බද පටියේ තාරකා ත්රිත්වයේ පිහිටීමට සමාන වීමයි.


ලෝක සිතියමක පිරමිඩ පිහිටි ස්ථාන සළකුණු කල විට.

මේ තරම් ඔරායන් බද පටිය හා පෘථිවියේ මිනිසා නිර්මාණය කල පිරමිඩ අතර ඇති සම්භන්ධතාවය කුමක්ද? ඊජිප්තු පිරමිඩ සැබැවින්ම නිර්මාණය කලේ පාරාවෝ රජවරුන්ගේ මමී කරණය කරන  ලද සිරුරු තැන්පත් කිරීම සදහාද? ඔවුන්ට එවැනි දැවැන්ත නිර්මාණයක් ඉදි කරන්නට ශිල්පීය දැනුම ලබා දුන්නේ කවුරුන්ද? ටොන් ගණනක් බර සුවිසල් ගල් කුට්ටි එකිනෙක තබමින් ඉහළට ඉදිකර ඇති පිරමිඩ තාක්ශණය වර්ථමාන ඉංජිනේරුවන් හට ප්රහේලිකාවකි.  දැවැන්ත ගල් කුට්ටි එකිනෙක තබා ඇත්තේ පුදුමාකාර ලෙසය. එම ගල් කුට්ටි අතරින් සියුම් කඩදාසියක් පවා යැවිය නොහැකි අන්දමට ඒවා එකිනෙකට හේත්තු වී ඇත. පිරමිඩ කර්මාන්තයට මෙම ශිල්පීය ඥාණය ලබාදුන්නේ සක්වල ජීවීන් බවත්, ඔවුන් පැමිණියේ ඔරායන් බද පටියේ මධ් තාරකාව වන ඇල්නිලම් තාරකාවට අයත් ග්රහ ලොවකින් බවත් ඇතැම් විද්වතුන් අදහස් පළ කරයි. ඊට ප්රධානතම හේතුව ලෙස පිරමිඩ තුලින් හමු වූ සක්වල ජීවීන්ගේ සිතුවම් හා බද පටියේ තාරකා ත්රිත්වයට අනුරූපී වන අන්දමට මෙම නිර්මාණයන් සිදු කර තිබීම විය හැක.


හිරුට සාපේක්ෂව බද පටියේ තාරකා වල විශාලත්වය
පිරමිඩ තුලින් හෙළි වූ පිටසක්වල තොරතුරු.











කෙසේ වෙතත් අපට අසල්වැසි කාශ්මීරයේ වංශකතාවක් වන රාජතරංගණියේ, මිසරයේ පිරමිඩ නිර්මාණය කිරීමට අවශ් තාක්ශණික දැනුම සපයන ලද්දේ හෙළයේ අසුරයන් බව සදහන්ව ඇති බව කියැවේ. ලොව පුරා ශිෂ්ඨාචාර බිහි කිරීමේ කාර්යයේදී හෙළයින් විශේෂ කාර්යභාරයක් ඉටුකල බවට සාක්ෂි එම ශිෂ්ඨාචාරයන් තුලින්ම හෙළි වේ. බැබිලෝනියානු ශිෂ්ඨාචාරය ගොඩ නැන්වීමේ දී අහසින් පැමිණි සිංහ මිනිසුන් තමන්ට එම ශිල්පීය ඥාණය ලබාදුන් බව සදහන් මැටි පුවරුවක් මෑතකදී කැණීම් වලින් සොයා ගෙන ඇත. තවමත් හරි හැටි අනාවරණය කර ගැනීමට නොහැකි වූ මෙම කරුණු පිළිබදව කතිකාවතක් ඇරඹීමට මේ ලිපිය හරහා බලාපොරොත්තු වේ.


ලොව ප්රධානතම පිරමිඩ ඔරායන් තරු හා සමපාත වන අයුරු.



මේ ගැන සාකච්ඡා කිරීමේ දී පසුගිය වසරේ සිදුවූ තවත් වැදගත් කරුණක් ඇත. එනම් වසර 2737 කට වරක් සිදුවන සිදුවිමකි.  Giza පිරමිඩ ත්රිත්වයට ඉහළින්, එයට අනුරූපීව අගහරු, සිකුරු හා සෙනසුරු යන ග්රහලෝක දිස්වීමයි. වසර 2737 කට වරක් සිදුවන්නක් යැයි පවසන මෙම සිදුවීම පසුගිය වසරේ, එනම් 2012 දෙසැම්බර් මස 03 වන දින සිදු වූ බවට වාර්ථා විය. මේ සියළුම දේවල් අහඹු සිදුවීම් , නැතහොත් යම්කිසි ක්රියාවලියක් අනුව සිදු වූ හා සිදු වන්නක් යන්න විමසා බැලිය යුතුය. මේ සියළු කරුණු විවාදයට හා විචාරයට විවෘතයි.

උපුටා ගැනීම- ක්රිෂාන් වීරසිංහ. ‘’හෙළසුර සංවිධානය’’

Comments

Popular Posts