සිංහල බෞද්ධයාගේ මෝඩ ඉන්දියා නමස්‌කාරය

සිංහල බෞද්ධයාගේ මෝඩ ඉන්දියා නමස්‌කාරය



බුද්ධිය යනු සිංහල වචනයකි. බුද්ධියේ උපරිම ඵලය බුද්ධත්වයයි. බුද්ධිය අර්ථවත් ලෙස වඩවාලමින් බුද්ධියේ උපරිම ඵලය ලබාගත් උත්තමයා බුද්ධ වශයෙන් හැඳින්වේ. හෙළ සිංහල රටේ මෙන්ම ඉන්දියාවේ  සමස්‌ත ලෝකයේ  බුදු හිමියන් හඳුන්වනු ලබන්නේ සිංහල වචනයෙන් නොවේ යෑයි පවසන්නට කිසිදු විද්‍යාත්මක හැකියාවක්‌ නැත. සිංහල බෞද්ධයන් සත්‍ය දැකීම යුගයේ අවශ්‍යතාවයි.  


ඈත අතීත නේපාලයේ හෝ ඉන්දියාවේ අතීත ජනයින් බෞද්ධයින්ව සිටි බව තහවුරු නොවේ. බුදු හිමි ඉන්දියානුවෙකු බව ඉන්දියානු ඉතිහාසඥයන් පිළිනොගෙන ඇත්තේ සත් ගවේෂණ තුළින් ලැබුණු ප්රතිඵල ඇසුරෙනි. ඉන්දියාවේ බුදු දහම පිහිටුවනු ලබන්නේ චණ්ඩාශෝක රජතුමා ධර්මාශෝක වීමෙන් පසුව . බොදුනුවන් විසින් වැඳිය පිදිය යුතු බුද්ධස්ථාන හතර පිහිටුවනු ලැබුවේ ධර්මාශෝක අධිරාජයා විසිනි. පාවානුවර වනාහි විසිහතරවන ජෛන ශාස්තෘවරයා වූ මහවීරනාථතුමාණන් ආදාහනය කරනු ලැබූ ස්ථානය බව ඉන්දියානු ඉතිහාසඥයෝ සනාථ කරති. ධර්මාශෝක අධිරාජ්යයා ලුම්බිණියක්ගොඩ නැගීම පිණිස මහසෙන් පිරිවරා ගෙන හිමාලය දෙසට පාද යාත්රා කළහ. එම ගමනේදී නේපාලයේ ම්ලේච්ඡ ප්රහාරයන්ට මුහුණ දෙන්නට ඔවුනට සිදු විය. එවේලේ ධර්මාශෝක අධිරාජ්යයා ම්ලේච්ඡ ජනයින් වෙත රාජා ආඥ නිකුත් කරනු ලැබුවේ පහත සඳහන් ලෙස දැඩි බවක්අඟවමිනි. "ධර්මාශෝක අධිරාජ්යයා වනාහි වචනයේ පරිසමාර්ථයෙන්ම මෛත්රී සහගත ඇත්තෝ වෙති. එහෙත් ම්ලේච්ඡ ජනයා යටත් වී පසුතැවිලි නොවුවහොත් මරණය ලබනු නියත ". අශෝක අධිරාජ්යයා ම්ලේච්ඡයින් වෙත රාජ් ආඥ නිකුත් කිරීමෙන් පෙනී යන්නේ ම්ලේච්ඡයින් මඩිමින් තම බෞද්ධ කටයුතු නොපිරිහෙළා ඉටු කළ බවයි. වර්තමානයේ ලොව පවතින එකම හින්දු රාජ්යය වන්නේ නේපාලයයි. 

බුද්ධ ජීවමාන කාලයේම නේපාලයේ ශාක් ගෝත්රය සමූල ඝාතනයට ලක්කර තිබීම ඉන්දියානු ඉතිහාසඥයන්ගේ සැකයට භාජනව පවතී. සමඟම අචිරවතී ගංගාව ගලමින් කොසොල් රජු ඇතුළු කොසොල් හමුදාව විනාශ වීම නිසා ශාක් මෙන්ම කොසොල්වරුන් ගැන ඓතිහාසික තොරතුරු හමු නොවන බව ඉන්දියානු ඉතිහාසඥයෝ පවසති. ක්රි.. 1890 සිට ඉන්දියානු ඉතිහාසඥයන් පවසා ඇත්තේ බුද්ධ වර්ෂය මහත් වරද සහිත වන නිසා උතුම් වූ ශාස්තෘවරයාණන්ට කිසිදු අවමානයක්හෝ අපහාසයක්නොවන පරිදි නොපමාව බුද්ධ වර්ෂය නිරවුල් කර ගත යුතු බවයි. බුදු හිමි ඉන්දියානුවකු නොවූ නිසාම බුද්ධ වර්ෂය නිරවුල් කළ යුත්තේ සිංහල බෞද්ධයා බව ඉන්දියානු ඉතිහාසඥයන්ගේ විද්යාත්මක මතක විය. 

බුද්ධ වර්ෂයේ වරද නිසාම කවදා හෝ සිංහල බෞද්ධයා මහත් අසීරුවට පත් වන බව ඉන්දියානු ඉතිහාසඥයෝ අවබෝධ කොට ගත්හ. ලංකාවේ පැලපදියම් වූ ද්රවිඩ ජනයින් මෙන්ම ද්රවිඩ ඉස්ලාමික ජනයින් ලෝක දමිළ භාෂාව අනුව එකට එකතු වීම ස්වභාවිකව සිදුවිය යුතු වුවත් ලෝක ක්රිස්තියානි ක්රියාදාමයට කොටි ක්රියාකාරීන් අන්තගාමී ලෙස නතු වීම නිසා එය වැළකී ඇත. ද්රවිඩ නිජබිම් ඉතිහාසයක්ඉතා විද්යාත්මකව ලියෑවුණේ බුද්ධ වර්ෂයේ වරද නිසා බව සිංහල බෞද්ධයන් දැන්වත් තේරුම් ගත යුතු . අශෝක අධිරාජ්යයාගේ මුත්තණුවන් වූ චන්ද්රගුප්ත මෞර්ය අධිරාජ්යයා විසිහතර අවුරුදු රාජ් පාලනයෙන් පසු බිංදුසාර පුත් කුමාරට රාජ් පවරා ජෛන ශාසනයෙහි පැවිදි වී දහස්ගණන් ජෛන සංඝයා වහන්සේ පිරිවරාගෙන දකුණු ඉන්දියාවේ ශ්රවන බෝගල්ලා ජෛන විහාරයට පැමිණි ආකාරය ඉන්දියානු ඉතිහාසඥයෝ නොවලහා පවසති. නන්දවරුන්ගේ විසිදෙඅවුරුදු පාලනයත් සමඟ ඇරඹි ඉන්දියාවේ රාජ් ජෛන ව්යාප්තිය ධර්මාශෝක අධිරාජ්යයා තෙක්වර්ෂ අනූහයක් නොකඩවා පැවැතියේ . එතෙක්බුදු දහම ගැන ඉන්දියාවෙන් කිසිදු වාර්තාවක්නොලැබේ. අනගාරික ධර්මපාලතුමා නිසා ඉන්දියාවේ බෞද්ධ ගොඩනැඟිලි යළිත් මතු වූයේ . එහෙත් ඉන්දියානුවන් බෞද්ධ වූයේ නම් නැත. සිංහල බෞද්ධයා මංමුළාවට පත්වන්ට වූයේ ක්රි.. 434 - 463 දක්වා හෙළ රටේ පැවැති ද්රවිඩ පාලන කාලයේ සිට . එකල හෙළ අටුවා අන්ත්රස්ධානය වූයේය. 

දැන් හෝ සත් සොයා සිංහල බෞද්ධයා ක්රියාකාරී විය යුතු නොවේ ? අතීතයේ සිටම ඉන්දියානුවන් බුදු හිමියන් දකින්නේ විෂ්ණුගේ නවවැනි අවතාරය වශයෙනි. තම අවසාන කාලයේදී සිරි දේවමිත්ත ධම්මපාල උතුමාණෝ මේ බව ප්රත්යක් කොට ගත්හ. සත් ලෝක සිදුවීම් සහිත අනගාරික ධම්මපාල චරිතාපදානයේ මෙය ඉතා විද්යාත්මකව විග්රහ කරනු ලබයි. හෙළ සිංහල ඉතිහාසඥයින් වර්තමානයේ යථාර්ථයට පත්ව ඉතිහාසය පිළිබඳ විද්යාත්මක ගවේෂණ කළ යුතුව තිබේ. සත් සාකච්ඡා කිරීමට අප සූදානම්ව සිටින්නෙමු. බුද්ධ දේශය විද්යාත්මකව තහවුරු වන විට බෞද්ධ ලෝකයාගෙන් ඉන්දියාවට ලැබෙන කෝටි ගණන් විදේශ විනිමය අහිමි වීමත් වැළැක්විය නොහැකිය.    

----ආචාර්ය පී. එස්‌. ටී. චූලවංස (2013/03/29 දිවයින)------ 

Comments

Popular Posts