දඬුමොණරය-3


දඬුමොණරය-3


11. විස්තෘත - මේ කියන්නේ විමානයේ ප්‍රමාණය විශාල කිරීම ගැනයි. මෙය සිදුකිරීම සඳහා යානය, අහසේ පිහිටි පළමු සහ තෙවන වායු මට්ටම් අතර මධ්‍යයේ පිහිටි වාත ධාරාව තුලින් ගමන් කළ යුතුයි. මෙසේ ගමන් කිරීමේ විද්‍යාව 'ආකාශතන්ත්‍ර' ලෙස හඳින්වෙනවා. කෙසේ හෝ මේ වාත ධාරාව තුලින් ගමන් කිරීමේදි විමානය තුල ඇති 11 වන යතුර ක්‍රියාත්මක කිරීමෙන් යානය ප්‍රමාණයෙන් විශාල කළහැකි බව පැවසෙනවා.
12. විරූප කරණ - 'ධූම ප්‍රකරණය' නම් ක්‍රමයේ සඳහන් පරිදි, විශේෂ දුමක් නිපදවීමේ යාන්ත්‍රනයක් විමානය තුල තිබිලා තියෙනවා. එහිදී නිපදවන ලද දුම වායුගෝලීය තාප තරංග වල ඇති ආලෝකයෙන් ආරෝපණය කර 'පද්මක චක්‍ර' නම් බටයක් තුලින් විශේෂිත දර්පනයක් වෙත යවා තිබෙනවා. මේ දර්පනය හඳුන්වලා තියෙන්නේ 'විරූප්‍ය දර්පන' යන නමින්. දර්පනය සවිකර තිබිලා තියෙන්නේ විමානය මුදුනේ. මේ දර්පනයේ 'බහිරවී තෛලය' නම් තෙලක් ආලේප කර තිබිලා තියෙනවා. ඉතින් අර දුම මේ දර්පනය වෙත යොමු කරමින් දර්පනය වේගයෙන් භ්‍රමණය කළ විට ඉතා බියකරු රූපයක් මැවීමට හකියාව තිබිලා තියෙනවා. මෙසේ බියකරු රූපයක් මැවීමේ ක්‍රමය තමයි 'විරූප කරණ' කියලා හඳුන්වන්නේ. පැරණි පොත් වල මේ දුම හඳුන්වලා තියෙන්නේ 32 වන වර්ගයේ දුම කියලා. දර්පනය භ්‍රමණය කරන වේගය හඳුන්වලා තියෙන්නේ 132 වන වර්ගයේ වේගය කියලා. හැබැයි මේ දුම සහ වේගය මනින හෝ වර්ග කරන ක්‍රමය නම් මට හොයාගන්න බැරි වුනා.
13. රූපාන්තර - මේකත් 'විරූප කරණ' වගේම ක්‍රමයක්. මේකෙනුත් කරන්නේ විමානයේ වෙස් මාරු කිරීමයි. මෙහිදීත් 19 වන වර්ගයේ ධූමය ලෙස හඳුන්වන දුමක් විශේෂිත තෙල් මිශ්‍රණයක් ආලේපිත දර්පනයකට යොමු කරනු ලබනවා. එවිට විමානයට සිංහ, කොටි, සර්ප වැනි වේශයන් ගතහැකිව තිබූ බව පැවසෙනවා. සමහර අවස්ථා වලදී ගංඟාවක් හෝ කන්දක් ආකාරයටද වෙස් මාරු කිරීමට හැකියාව තිබිලා තියෙනවා. මෙහි දර්පනයේ ආලේප කරන තෙල් මිශ්‍රණය සාදාගෙන තිබෙන්නේ ගෘද්‍රජීව්හ, කුම්භිනී සහ කාකජංඝ යන තෙල් වර්ග එකට මිශ්‍ර කිරීමෙනුයි.
14. සුරූප - විමානයෙහි ගමන් ගන්නා පුද්ගලයින් සතුටු කිරීම සඳහා ව්මානය තුල සුරූපී කාන්තා රුවක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදය මෙනමින් හැඳින්වෙනවා. මෙහිදී යානය තුල නිපදවන එක් විශේෂිත ශක්ති කදම්භයක් 'පුෂ්පිණී පිංජුල දර්පන' නම් දර්පනයක් වෙතට එල්ල කිරීමෙන් තමයි මෙම රුව නිර්මාණය කරන්නේ. මෙම දර්පනය පිහිටා තිබී ඇත්තේ විමානයේ ඉදිරිපස දකුණු පැත්තේයි. මට හිතෙන්නේ මේක වර්තමානයේ පවතින hologram නම් තාක්ෂණයට සමාන ක්‍රමයක් කියලයි.
15. ජ්‍යෝතීර්භාව - අංශුබෝධිනී නම් ක්‍රමයකට අනුව සූර්යයාලෝකය කොටස් 16 කට බෙදා දක්වා තියෙනවා. මෙම කොටස් අතරින් 12 සිට 16 තෙක් ඇති ආලෝක කිරණ නාභිගත කර අහසේ 4 වන වායු මට්ටමේ ඇති 'මයූඛ' නම් ප්‍රදේශයට යොමුකර විශේෂ බලශක්තියක් ගොඩනගනවා. මෙයට සමගාමීව 7 වන වායු මට්ටමේ පවතින ආලෝකය ආශ්‍රයෙන්ද තවත් බලශක්තියක් ගොඩනගනවා. අනතුරුව මේ ශක්තීන් දෙකම නාල(tubes) 5 ක් හරහා 'ගුහා ගර්භ දර්පන' නම් දර්පනයක් වෙතට යොමු කරනවා. එවිට උදෑසන අරුණාලෝකය බඳු දීප්තිමත් ආලෝකයක් මැවීමට පුළුවන්කම ලැබුණාලු. මෙවැනි ආලෝකයක් නිපදවීමේ තාක්ෂණය තමයි 'ජ්‍යෝතීර්භාව' නමින් හැඳින්වෙන්නේ.
16. තමෝමය - දිවා කාලය තුලදී අන්ධකාරය මැවීමේ හැකියාව මේ නමින් හැඳින්වෙනවා. මෙය සිදුකර ඇත්තේ විමානයේ වයඹ දෙසින් සවිකර තිබූ 'තමෝ යන්ත්‍ර' නම් උපකරණයකින්. අන්ධකාරය මැවීම සඳහා අභ්‍යවකාශයේ පැවති අඳුරු ශක්තිය ප්‍රයෝජනයට ගත් බව සඳහන් වෙනවා.
17. ප්‍රලය - මෙය ඉතාම විනාශකාරී ක්‍රමයක් ලෙස සැලකෙනවා. මෙහිදී මුලින්ම යානයේ ඉදිරිපස තිබෙන බටයකින් එකිනෙකට වෙනස් ධූම වර්ග 5 ක් අවශෝෂණය කරගන්නවා. ඉන්පසු මේ ධූම මිශ්‍රණය තවත් වෙනස් ධූම වලාවක් සමග ඒකාබද්ධ කර විද්‍යුත් ධාරාවක් ආධාරයෙන් ඉදිරියට තල්ලු කිරීම මගින් අවට පිහිටි සියළුම දෑ විනාශ කිරීම සඳහා යොදාගෙන තියෙනවා.
18. විමුඛ - මෙයත් ආරක්ෂක උපක්‍රමයක්. 'රෞද්‍රී' නම් දර්පනයට සම්බන්ධ කර තිබෙන තෙවන නාලය හරහා විෂ සහිත කුඩු වර්ග තුනක මිශ්‍රණයක් ප්‍රතිවාදී විමානාචාර්යවරුන් වෙත යවා ඔවුන්ව මුළුමනින්ම සිහිමූර්ඡා කරවීම මෙහිදී සිදුකරනවා. මේ සඳහා භාවිතා කර තිබෙන්නේ කුබේර, විමුඛ සහ විශ්වානර යන විෂ කුඩු වර්ග තුනයි.
19. තාර - මෙය දෘෂ්ඨි මායාවක් මැවීමේ ක්‍රමයක්. තාරකා පිරුණු රාත්‍රී අහසක් මවා පෑම මෙසේ හැඳින්වෙනවා. මේ සඳහා ශක්ති විශේෂයන් ගොඩක් භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ සූර්ය ශක්තිය, ජලයේ අඩංගු ශක්තිය, වාතයේ අඩංගු ශක්තිය මෙන්ම අභ්‍යවකාශයේ තියෙන අන්තරීක්ෂ කිරණ වල ශක්තිය පවා යොදාගෙන තියෙනවා. අන්තිමේදී මේ සියලුම ශක්තීන් විමානය ඉදිරිපස පිහිටාතිබූ නලයකින් දර්පනයක් වෙත යවා පරාවර්තනය කිරීමෙන් තමයි මේ මායාව පෙනෙන්නට සලස්වලා තියෙන්නේ.
20. මහාශබ්ද විමෝහන - වාතය තුල අඩංගු ශක්තිය විමානය තුල පිහිටි නාල 7 ක් තුලින් යවා අධික ශබ්දයක් ඇතිවීමට සැලැස්වීම මේ නමින් හැඳින්වෙනවා. මෙම ශබ්දය මගින් මිනිසුන්ව තාවකාලිකව සිහිමද තත්වයට පත්කිරීමට පුළුවන්කම තිබුණාලු.
21. ලංඝන - වායු තත්ව ප්‍රකරණයේ සඳහන් පරිදි විමානයක් එක් වායු මට්ටමක සිට තවත් වායු මට්ටමක් වෙත ගමන් කිරීමේදි සූර්යයාලෝකයේ එක් කිරණයක් සමග ගැටීම නිසා ගිනි ගැනීමේ අවදානමකට ලක් වී තිබුණාලු. වායු ශක්තිය හා විද්‍යුත් ශක්තිය එකිනෙක හා සම්බන්ධ කර විමානයේ මධ්‍යය වෙත යොමු කර ඉහත කී අවදානමෙන් මිදීමේ ක්‍රමය ලංඝන නමින් හැඳින්වෙනවා.
22. ශාර්ප ගමන - විමානය සර්පයෙකු ලෙස සිග්-සැග් ආකාරයේ පථයක ගමන් කරවීම මේ නමින් හැඳින්වෙනවා. මේ සඳහා අවශ්‍ය ශක්තිය උපදවාගෙන තියෙන්නේ වායු ශක්තිය, හිරු කිරණ සමග සම්බන්ධ කිරීමෙනුයි. මීට අමතරව 'දණ්ඩවක්ත්‍ර' නම් විශේෂිත ශක්තියක්ද භාවිතා කර තියෙනවා.

23. 
චාපල - මෙයත් ආරක්ෂිත උපක්රමයක්. සතුරු විමානයක් දුටු විටදී, අවට වාතය වේගයෙන් කලඹවා එම විමානය කම්පනය කරවීම මේ නමින් හැඳින්වෙනවා. මෙහිදී කැලඹුණු වායු තරංග වල වේගය පැයට වට 4087ක් පමණ වුණාලු.
24. සර්වතෝමුඛ - සතුරු විමානයන් රැසක් එකවර පැමිණෙන විටදී තම විමානය වේගයෙන් භ්රමණය කරමින් සෑම දිශාවකටම එකවර මුහුණලෑමේ ක්රමය මෙසේ හැඳින්වේ. මෙය සිදු කිරීමට විමානය මුදුනේ තිබූ යතුරක් භාවිතා කළ බව සඳහන් වෙනවා.

25. 
පාරශබ්ද ග්රාහක - විමානය තුල තිබිලා තියෙනවා වෙනත් විමාන වල සිදුවන කතාබහට සවන් දියහැකි උපකරණයක්. මෙය නිර්මාණය කර තිබෙන්නේ පැරණි ඉලෙක්ට්රොනික් විද්යාව අනුව. අතීතයේදී ඉලෙක්ට්රොනික් විද්යාව හඳුන්වා තියෙන්නේ 'සෞදාමිණී කලා' යන නමින්. මේ යන්ත්රය ක්රියා කරවීමටත් ආචාර්යවරයෙකු ඉගෙනගත යුතුයි.

26. 
රූපාකර්ෂන - මේකත් අධිතාක්ෂණික උපකරණයක්. වෙනත් යානා තුල සිදුවන දේවල් රූපවාහිනී තිරයක් මතට ගෙන දර්ශනය කිරීමේ හැකියාව මේ යන්ත්රයට තිබිලා තියෙනවා. අතීතයේදි මෙහෙම නිර්මාණ කොහොම කලාද කියලා මට නම් හිතාගන්නත් අමාරුයි.

27. 
ක්රියාග්රහණ - විමානය ගුවනේ තිබෙන විටදී පොළොවේ සිදුවෙන දේවල් නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය මෙසේ හැඳින්වෙනවා. මෙය කර තිබෙන්නේ මෙහෙමයි. මුලින්ම යානය පතුලේ පිහිටි යතුරක් භාවිතා කර සුදු පැහැති තිරයක් දර්ශනය වීමට සලස්වනවා. ඉන්පසුව යානයේ ඊශාන කොටසේදී විශේෂ අම්ල වර්ග තුනක් විද්යුත් ආරෝපණයකට ලක්කර හිරු එලිය සමග මිශ් කර 'ත්රී ශීර්ෂ' නම් දර්පනයට සම්බන්ධ නාලයක් හරහා යවා ඉහත කී තිරය දර්පනයක් බවට පත් කරනවා. එවිට එම දර්පනය මත පොළොවේ සිදුවන දේවල් දර්ශනය වුණාලු.

28. 
දික්ප්රදර්ශන - විමානය ඉදිරියේ පිහිටි යතුරක් මගින් 'දිශාම්පති යන්ත්' නම් යන්ත්රය ක්රියාත්මක කර සතුරු යානා පැමිණෙන දිශාව කල්තියා දැනගැනීමේ ක්රමය මෙසේ හැඳින්වේ.

29. 
ආකාශාකාර - මේක තවත් වෙස් වලාගැනීමේ ක්රමයක්. කළු පැහැති මයිකා ද්රාවණයක් තවත් රසායනික ද්රව් සමග මිශ් කර යානයේ පිටත බඳේ ආලේප කර හිරුඑලිය  හරහා පරාවර්තනය කිරීමෙන් යානය සහ ආකාශය වෙන් කර හඳුනාගැනීමට අපහසු තත්වයට පත් කිරීම මෙහිදී සිදු වේ.

30. 
ජලදරූප - මේකත් කලින් ක්රමය වගේම ක්රමයක්. මෙහිදී කරන්නේ රසායනික ද්රව් මිශ්රණයක් විමානයේ ආලේප කර එය වලාකුලක් සේ දිස්වන්නට සැලැස්වීමයි. මෙම රසායනික ද්රව් වලට දෙළුම් යුෂ, අබ කුඩු, මාළු කොරපොතු වලින් සෑදූ කසායක්, තඹ ලවණ, සිප්පි කටු වැනි දේත් යොදාගෙන තියෙනවා.
31. ස්ථබ්ධක - මෙහිදී 'අපස්මාර ධූම' නම් විෂ දුමක් ප්රතිවාදී විමාන වෙතට යොමු කර එහි ගමන් කරන්නන්ව සිහිනැති කිරීම සිදු කරනවා. යානයේ උතුරු දෙසින් පිහිටි නාලයක් හරහා මේ දුම යවන අතර එය සතුරු යානය දෙසට ප්රක්ෂේපනය කරන්නේ 'ස්ථම්භන යන්ත්' නම් යන්ත්රයක් මගින්.

32. 
කර්ෂන - මේක තමයි විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු අන්තිම ක්රමවේදය. තම විමානය දෙසට සතුරු විමානයකින් ප්රහාරයක් එල්ල වන විටදී එම යානය වෙත අධික උෂ්ණත්වයකින් යුතු තාප ප්රහාරයක් එල්ල කර එය විනාශ කර දැමීම මෙසේ හැඳින්වෙනවා.



මීට අමතරව අහසේ පිහිටි ප්රදේශ 5 ක් පිළිබඳවද විමානාචාර්යවරයෙක් දැනසිටිය යුතුයි.  ප්රදේශ 5 මෙසේ හැඳින්වෙනවා.
රේඛාපත්ථ
මණ්ඩල
කක්ෂ
ශක්ති
කේන්ද්
'වාල්මිකී ගණිතය' නම් පොතෙහි සඳහන් වෙන විදිහට රේඛාපත්ථ ප්රදේශය තුල ගුවන් මාර්ග 70,300,800ක්, මණ්ඩල ප්රදේශය තුල ගුවන් මාර්ග 200,800,200ක්, කක්ෂ ප්රදේශය තුල ගුවන් මාර්ග 20,900,300ක්, ශක්ති ප්රදේශය තුල ගුවන් මාර්ග 1,001,300ක් සහ කේන්ද් ප්රදේශය තුල ගුවන් මාර්ග 3,008,200ක් පවතිනවා. 'වෛමාණික ශාස්ත්‍ර' පොතේ තියෙන විදිහට මේ ගුවන් ප්‍රදේශ පහ තුල වෙනත් ලෝක හතකට යා හැකි ගුවන් මාර්ගත් 519,800 ක් තිබිලා තියෙනවා. හිතාගන්නවත් බැරි තරම් ගොඩක් නේද... ඒ ලෝක හත මෙසේ හැඳින්වෙනවා.
භූලෝක
භූවර්ලෝක
සූවර්ලෝක
මහෝලෝක
ජනෝලෝක
තපෝලෝක
සත්‍යලෝක
මේවා වෙනත් ජීවීන් වාසය කරන මේ වෙනකොට අපි නොදන්නා ග්‍රහලෝක වෙන්න ඇති. ඒ කියන්නේ අතීතයේදී පෘථිවිවාසීන් වෙනත් ලෝක වල සිටින ජීවීන් සමගත් ගනුදෙනු කර ඇති බවට සාධකයක් විදිහට මෙය සලකන්න පුළුවන්.
අපි කලින් ලිපි සටහන් වලින් කතා කලානේ විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු තාක්ෂණික ක්‍රම ශිල්ප පිළිබඳව. ඒවා ඉගෙන ගත්තට විතරක්ම මදි. තවත් දේවල් ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. ඒවා අතරින් වැදගත්ම දෙයක් තමයි ඉහළ අහසේ තියෙන ස්වභාවික අනතුරු පිළිබඳව ඉගෙනගැනීම. විමානයක් වෙත එල්ල වුනු ස්වභාවික තර්ජන අතරින් දරුණුතම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ අහසේ එක් එක් ප්‍රදේශ වල තිබුණු විවිධ වර්ගයේ සුළි කුණාටු වලින්. අපි දැන් ඒ එක් එක් සුළි කුණාටු වර්ග පිළිබඳව විස්තර හොයලා බලමු. අහසේ තියෙන 'රේඛාපත්ථ' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ ශක්ති සුළි කුණාටු. 'මණ්ඩල' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ වාත සුළි කුණාටු. 'කක්ෂ' නම් ප්‍රදේශයේ හටගන්නේ සූර්ය කිරණ නිසා ඇතිවන සුළි කුණාටු. 'ශක්ති' නම් ප්‍රදේශයේ හටගන්නේ ශීත වායු ධාරා නිසා ඇතිවන සුළි කුණාටු. අවසාන වශයෙන් 'කේන්ද්‍ර' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ විවිධ අංශු ගැටීම නිසා හටගන්නා සුළි කුණාටු. මේ විවිධාකාර වූ සුළි කුණාටු ගැන හොඳ අවබෝධයක් විමානාචාර්යවරයෙකුට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

දැන් අපි විමානාචාර්යවරයෙකුගේ නිල ඇඳුම ගැන කතා කරමු. ඍතු හතර සඳහා එක් එක් ඍතුව සඳහා ගැලපෙන නිල ඇඳුම් 4ක් ඔහුට තිබිලා තියෙනවා. මේ ඇඳුම් නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ කපු, සේද, හම්, කෙස්, මයිකා, පෙඳපාසි වැනි දේවලුයි. ඇඳුම මහන්න කලින් මේ ද්‍රව්‍යයන් ක්‍රියාවලි 25ක් යටතේ පිරිසිදු කිරීමකට ලක් කරලා තියෙනවලු. හිතාගන්න පුළුවන් නේද කොච්චර පිරිසිදුව සහ සියුම්ව වැඩේ කරලා තියෙනවද කියලා. ඉහල අහසේදී රියදුරාගේ සිරුර නිරෝගිමත්ව තියාගන්නයි මෙච්චර මහන්සි වෙලා තියෙන්නේ. මේ ඇඳුම් පිළියෙල කිරීම ගැන දීර්ඝ විස්තරයක් 'වෛමාණික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒත් මම ඒ ඔක්කොම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. මොකද එහෙම උනොත් මේ ලිපිය තව ගොඩක් දික් වෙන නිසා සහ ඒ විස්තරයේ තියෙන සමහර සංස්කෘත වචන වල සිංහල තේරුම් මම දන්නේ නැති නිසයි. කොහොමහරි මේ පිළියෙල කරනලද ඇඳුම විමානාචාර්යවරයාට ආරක්ෂිත කවචයක් ලෙස ක්‍රියා කරලා තියෙනවා. ඊට අමතරව මේ ඇඳුම මගින් ඔහුගේ කායික සහ මානසික ශක්තියද වැඩිකර තියෙනවා. සමහරවිට මේ ඇඳුමේ ශක්තිජනක ඖෂධ ගල්වා තිබෙන්නට ඇති.

ගුවන් ගමනකදී විමානාචාර්යවරයෙක් ගතයුතු ආහාර වර්ගද ඍතුව අනුව වෙනස් වෙනවා. වසන්ත සහ ගිම්හාන ඍතු වලදී ඔහුගේ ආහාර වට්ටෝරුව මීහරක් කිරි වලින් සෑදූ දියර වර්ග, බැටළු මස්, පරිප්පු වැනි ධාන්‍ය වර්ග ආදී ආහාර වලින් සමන්විත වෙනවා. වැසි කාලයේදී සහ සරත් ඍතුවේදී එම ආහාර වට්ටෝරුවට ඇතුලත් වන්නේ ගව කිරි වලින් සෑදූ දියර වර්ග, කුකුළු මස් සහ ඉරිඟු වැනි ධාන්‍ය වර්ගයි. ශීත ඍතුවේදී එම ආහාර වට්ටෝරුව එළු කිරි වලින් සෑදූ දියර වර්ග, කුරුළු මස් සහ යව වැනි ධාන්‍ය වර්ග ලෙස වෙනස් වෙනවා. නමුත් විමානාචාර්යවරයා බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය හෝ වෛශ්‍ය යන කුල වලට අයත් නම් ඉහත ආහාර වට්ටෝරුවෙන් මස් වර්ග ඉවත් කර තියෙනවා. මේ ආහාර වට්ටෝරුව නිවැරදිව යොදාගැනීමෙන් ඍතු විපර්යාස වලදී මිනිස් සිරුරට ඇතිවිය හැකි අහිතකර බලපෑම් 25කින් වැළකිය හැකි බව සඳහන් වෙනවා. මම මේ විස්තර ලියන්නේ විමානාචාර්යවරුන් මුල් කරගෙන වුවත් ඔවුන්ට අමතරව තවත් මගීන් විමානයේ ගමන් කරන්නේනම් ඒ පුද්ගලයින්ද මේ ආහාර වට්ටෝරුවට පිළිපැදිය යුතුයි. විමානයක ගමන් කරන එක ටිකක් අමාරු වැඩක් කියලා මට හිතුනේ ආහාර ගන්න ඕනෑ වාර ගණන දැක්කහමයි. ගිහි පුද්ගලයෙක් ආහාර ගන්න ඕනෑ දවසකට දෙපාරයි හෝ එකපාරයිලු. තාපසයෙක් නම් අනිවාර්යයෙන්ම ආහාර ගන්න ඕනෑ එක පාරයි. කම්කරුවන් සහ අනෙක් පුද්ගලයන් හතර පාරක් ආහාර ගත යුතු අතර යෝගීන් හැකි සෑම අවස්ථාවකම ආහාර ගත යුතුයි. විමානාචාර්යවරයෙකුට දිනකට පස් වතාවක් ආහාර ගන්න අවසර තියෙනවා. 'වෛමාණික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙනවා ආහාර ගත යුතු වෙලාවන් ගැනත්. ගිහි පුද්ගලයෙක් දවසට දෙවරක් ආහාර ගන්නවානම් පළමු වේල දිවා කාලයේ දෙවන යාමය අවසානයේත් දෙවන වේල රාත්‍රියේ පළමු යාමය අවසානයේත් ගත යුතුයි. එක් වරක් ආහාර ගන්නේ නම් ඒ ආහාර වේල තෙවන සහ සිව්වන යාම අතර කාලයේදි ගත යුතුයි යාමයක් කියන්නේ පැය තුනක්). තාපසයින්ද තම ආහාර වේල එම කාලය තුලදී ගත යුතුයි. ආහාර වේල් 4ක් ගැනීමට අවසර ඇති අය වේල් 3ක් දිවා කාලයේ සහ එක වේලක් රාත්‍රී කාලයේ ගත යුතුයි. විමානාචාර්යවරුන් දිවා කාලයේදී ආහාර වේල් 3ක් සහ රාත්‍රී කාලයේදී වේල් 2ක් ගත යුතුයි. මෙම නියමිත ආහාර ප්‍රමාණයන් ගෙනයාමට විමානයේ ඉඩ පහසුකම් නැත්නම් ඒ ආහාර වල සාරය වෙන්කරගෙන පෙති හෝ ආහාර ගුලි ලෙස පිළියෙල කර රැගෙන යා යුතු බවද සඳහන් වෙනවා.

දැන් අපි කතා කරමු විමානයක සැකැස්ම ගැන. 'වෛමානික ශාස්ත්‍ර' පොතේ කියන විදිහට විමානයක මූලික යාන්ත්‍රණ 31 ක් තිබිලා තියෙනවා. මේවයින් බොහොමයක නාමයන් මීට කලින් මම ලියපු ලිපි වලත් සඳහන් වෙලා ඇති. ඒත් ලිපි පෙළ සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මම යාන්ත්‍රණ 31 ම දැන් සඳහන් කරන්නම්.
1. විමානයෙන් පරිභාහිරව සිදුවන ක්‍රියා නිරීක්ෂණය කිරීම සඳහා වන 'විශ්වක්‍රියා දර්පනය'.
2. ශක්ති අවශෝෂණය සඳහා යොදා ගන්නා 'ශක්ත්‍යාකර්ශන දර්පනය'.
3. යානයේ වහලයේ පිහිටා ඇති පරිවේශ යාන්ත්‍රණය.
4. අංගෝපසම්භාර යාන්ත්‍රණය
5. විස්තෘතක්‍රියා යාන්ත්‍රණය
6. විරූප්‍ය දර්පනය
7. යානයේ ඉදිරිපස පිහිටා ඇති පද්මචක්‍රමුඛ යාන්ත්‍රණය.
8. යානයේ ඉදිරි ගෙල ප්‍රදේශයේ පිහිටා ඇති කුන්තිනි-ශක්ති යාන්ත්‍රණය.
9. යානයේ දකුණු පස පිහිටා ඇති පුෂ්පිණී දර්පනය සහ පිංජුල දර්පනය.
10. යානයේ ඉදිරි වම්පස පිහිටා ඇති නාලපංචක හෙවත් නාල වර්ග පහ.
11. ගුහාගර්භ දර්පනය.
12. යානයේ වයඹ දෙස ඇති තමෝයන්ත්‍රය.
13. පංච වාතස්කන්ධ නාල.
14. රෞද්‍රී දර්පනය.
15. වාතස්කන්ධ කීලක.
16.යානය ඉදිරිපස සහ දකුණුපස පිහිටා ඇති ශක්තිස්ථාන යාන්ත්‍රණය.
17. යානයේ වම් පස පිහිටා ඇති ශබ්ද-කේන්ද්‍ර-මුඛ යාන්ත්‍රණය.
18. විද්‍යුත්වාදශක යාන්ත්‍රණය.
19. ප්‍රාණකුණ්ඩල යාන්ත්‍රණය.
20. ශක්ත්‍යුද්ගම යාන්ත්‍රණය.
21. යානය අයිනේ පිහිටා ඇති වක්‍රප්‍රසාරණ යාන්ත්‍රණය.
22. යානය මධ්‍යයේ පිහිටා ඇති ශක්තිපංජර යාන්ත්‍රණය.
23. යානයේ හිසෙහි පිහිටා ඇති ශිරහ්කීලඛ යාන්ත්‍ර
24. ණය.
25. ශබ්දාකර්ෂක යාන්ත්‍රණය.
26. පාට-ප්‍රසාරණ යාන්ත්‍රණය.
27. යානයේ ඉදිරි වම්පස පිහිටා ඇති දිශාම්පති යාන්ත්‍රණය.
28. යානයේ වහලය මධ්‍යයේ පිහිටා ඇති පටිකාභ්‍රක යාන්ත්‍රණය.
29. සූර්ය ශක්ති ආකර්ශක යන්ත්‍රය.
30. විෂ වායු නිකුත් කිරීමට යොදාගත් අපස්මාර යාන්ත්‍රණය.
31. ස්තම්භන යාන්ත්‍රණය.
32. ව්‍යශ්වානර නාල.
අපි මේ වෙනකොට විමානයක මූලික කොටස් සහ එහි මූලික ක්‍රියාකාරිත්වය මෙන්ම විමානාචාර්යවරයෙක් ඉගෙනගත යුතු ක්‍රමවේද ගැනත් දැනගෙන ඉවරයි. ඒ කියන්නේ අපිට දැන් විමාන තාක්ෂණය ගැන සාමාන්‍යයෙන් හොඳ අවබෝධයක් තියෙනවා කියන එකයි. ඉතින් මේ සෙල්ලිපි සටහනේ ඉඳන් අපි එක් එක් වර්ගයේ විමාන ගැන වෙන වෙනම කතා කරමු. මේ ලිපි පෙළේ මුල්ම ලිපියේ මම විමාන වර්ග වල නම් කීපයක් සටහන් කරලා තිබුණා ඔයාලට මතක ඇති. ඒවා අතරින් අද අපි කතා කරන්න යන්නේ 'රුක්ම විමානය' ගැනයි.

මුලින්ම අපි රුක්ම විමානයක් කියන්නේ කොයිවගේ යානයක් ද කියලා බලමු. මේ පහළින් තියෙන්නේ රුක්ම විමානයක බාහිර පෙනුමේ දළ සටහනක්. ( රූපසටහන් සියල්ල උපුටාගෙන තියෙන්නේ අන්තර්ජාලයෙන්



'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙන විදිහට රුක්ම විමානයක් කියලා කියන්නේ රන්වන් පාට ගුවන් යාත්‍රාවක්. රුක්ම කියලා කියන්නේ රත්තරන් පාටටලු. මේ යානය රන්වන් පාට කිරීම සඳහා වර්ණ සාදාගෙන තියෙන්නේ 'රාජලෝහය' කියන ලෝහය මගින්. කිසියම් රසායනික ක්‍රියාවලියකට ලක් කිරීම තුලින් රාජලෝහයේ වර්ණය රන් පැහැයට ආසන්න පාටකට පත්කිරීමට හැකියාවක් තිබුණු බව කියැවෙනවා. විමාන තාක්ෂණයට අනුව රුක්ම විමානයක් අනිවාර්යයෙන්ම රන් පැහැයෙන් නිපදවිය යුතු නිසා එවැනි යානාවක් නිර්මාණය කිරීමේදි කර තිබෙන මුල්ම කාරිය වෙලා තියෙන්නේ රාජලෝහයෙන් රන් පැහැය නිපදවීමයි. පැරණි ඉංජිනේරුවෝ මේ රන් වර්ණය නිපදවන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. එයාලා මේ වර්ණය පිළියෙල කලේ කොහොමද කියලයි මං දැන් ලියන්න යන්නේ. මෙන්න මේවා තමයි ඒ අය පාවිච්චි කරලා තියෙන රසායනික ද්‍රව්‍ය සහ ඒවායේ අනුපාත....
ඇමෝනියම් ක්ලෝරයිඩ් කොටස් 4 යි. බෙන්සීන් කොටස් 18 යි. ඊයම් කොටස් 20 යි. මුහුදු පෙණ කොටස් 16 යි. අයන් පයිරයිට්ස් කොටස් 6 යි. යකඩ කොටස් 20 යි. රසදිය කොටස් 15 යි. ක්ෂාරත්‍රය (නැට්‍රොන්, සෝල්ට් පිටර්,බොරැක්ස්) කොටස් 28 යි. මයිකා කොටස් 20 යි. රිදී කොටස් 17 යි. ඇකොනයිට් කොටස් 8 යි. බෙංගාලි කඩල නම් ධාන්‍ය වර්ගය කොටස් 32 යි. සහ අවසාන වශයෙන් පස් ගෝ රස ඇති තරම් ප්‍රමාණයක්. ( පස් ගෝ රස අරගෙන තියෙන්නේ මිශ්‍රණයේ මෘදු බව වැඩි කරන්නලු ). සමහරවිට කට්ටියට මේ ද්‍රව්‍ය ගැන එච්චර අවබෝධයක් නැති වෙන පුලුවන්. හැබැයි chemistry දන්න අයටනම් ටිකක් තේරෙනවා ඇති. කොහොමහරි මේ රසායනික ද්‍රව්‍ය හොඳට මිශ්‍ර කරලා සෙල්සියස් අංශක 800 ටත් වැඩි උෂ්ණත්වයකට රත් කරලා තමයි රාජලෝහය හදාගෙන තියෙන්නේ. ඇත්තටම රාජලෝහය කියන්නේ තනි ලෝහයක් නෙවෙයි. රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයකින් හදපු කෘත්‍රිම ලෝහයක්.


දැන් වර්ණ නිර්මාණය ගැන කතා කලා ඇති. ඉතුරු කොටස් ගැනත් කතා කරමු. රුක්ම විමානයේ යට කොටස හඳුන්වන්නේ 'පීත' කියලා. ඒක නිර්මාණය කරලා තියෙන්නේ 'කැස්බෑවෙකුගේ' හැඩයටලු. ඒ කොටස සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ අඩි 1000 ක් දිගට සහ අඩියක් ඝනකම වෙන ආකාරයටයි. ( ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේද යානයේ ප්‍රමාණය ගැන ). 
මේ තියෙන්නේ යානයේ හරස්කඩක දළ සටහනක්...



 මේ රූපය හොඳින් නිරීක්ෂනය කළොත් ඔයාලට පෙනේවි ඉහල කොටසේ තියෙන සුළං පෙති දෙක. මේ රූපයේ පේන්නේ 2 ක් වුනාට ඇත්තටම මේ වගේ සුළංපෙති 4 ක් පිහිටලා තියෙනවා. ඒවා වේගයෙන් කරකවා වේගවත් සුළං ධාරාවන් පොළොව දෙසට යොමු කරලා තමයි යානය ඉහළට ඔසවලා තියෙන්නේ. මීට අමතරව චුම්බක ශක්තියත් පාවිච්චි කරලා තියෙනවා. කොහොමද අපේ පැරණි මුතුන්මිත්තන්ගේ වැඩ.... ඒ විතරක් නෙවෙයි, මේ අය විදුලි බලයත් යොදාගෙන තියෙනවා අර සුළං පෙති කරකවන්න. කොහොමහරි ඉහලට එසවුනු යානය ඉදිරියට චලනය කරලා තියෙන්නේ යානය වටේ දිශා හතරට යොමු වෙන විදිහට සවි කරල තිබුණු තවත් සුළං පෙති හතරකින් ලු. ඒ විතරක් නෙවෙයි, මේ විමානයට බොහොම ලොකු වේගයකුත් තිබිලා තියෙනවා. ඒ කොච්චරද කියනවානම් විනාඩි 24 ක් (සිංහල පැයක්) වැනි කාලයකදි සැතපුම් 250 ක් පමණ දුරක් යන්න පුළුවන් වෙලා තියෙනවා.

පහළින් තියෙන්නේ රුක්ම විමානයේ පාදම හෙවත් පීත කොටසේ රූප සටහනක්.....



 දැන් අපි සුන්දර විමානයක රූපයක් අධ්‍යයනය කරලා ඉමු.



 මේ යානයත් හැඩයෙන් රුක්ම විමානයකට ගොඩක් සමානයි කියලා බැලූ බැල්මටම ඔයාලට තේරෙන්න ඇති. බාහිර පෙනුම සමාන වුවත් සැකැස්ම අතින් නම් වෙනස්කම් දකින්න පුළුවන්. සුන්දර විමානයක පාදම හෙවත් 'පීත' ප්‍රදේශය කොටස් 8 කින් සමන්විත වෙනවා. ඒවා නම්;
1.   භූමි තැටිය හෙවත් පහලින්ම පිහිටි පීත කොටස
2.   ධූම කවුළුව
3.   වායු ඇන්ජින් පහ
4.   භූජ්‍ය නම් ලෝහ බටය
5.   සුළං පංකාව
6.   විදුලි උත්පාදක යන්ත්‍රය
7.   සිව්මුහුණු තාපකය
8.   බාහිර ආවරණය
මෙම සුන්දර විමාන වල පීත කොටස අනිවාර්යයෙන්ම රාජලෝහයෙන් සෑදිය යුතු අතර එය සතරැස් හෝ වෘත්තාකාර හැඩයක් විය යුතුව තිබුණා. පාදම වෘත්තාකාර වන්නේ නම් සාමාන්‍යයෙන් එහි පරිධිය අඩි 100ක් විතර වන ලෙස තමයි නිර්මාණය කර තිබෙන්නේ. මෙහි ගනකම නම් අඩි 8 ක් විතර වෙලා තියෙනවා. මේ විමානය මධ්‍යයෙන් ඉහලට එසවුණු ප්‍රධාන කුඹගසක් පිහිටා තිබෙන බව රූප සටහනේ දැක්වෙනවා. මෙය හැඳින්වෙන්නේ 'නාලස්ථම්භ' නමින්. මෙය අඩි 56 ක් උසින් යුක්ත වන අතර විෂ්කම්භය අඩි 4 ක් විතර වෙනවා. යානය තුල විවිධ කටයුතු සඳහා අවශ්‍ය වන වායු වර්ග ගබඩා කර තබා ඇත්තේත් මේ කුඹගස පතුලේ පිහිටා ඇති ටැංකියකයි.



'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙන්නේ මේ යානය ගුවන්ගත කරවීමට ඉන්ධනයක් ලෙස ජලය ද යොදාගත් බවයි. මෙහිදී අධික ලෙස රත් කළ ජල වාෂ්ප යොදාගෙන ඇති අතර ඊට අමතරව විද්‍යුත් කෝෂ මගින් විදුලි බලයද ලබාගෙන තියෙනවා. මේ විද්‍යුත් කෝෂ සවි කර ඇත්තේ යානයේ වම්පසට වන්නටයි. යානය උඩට එසවීමේ කාර්යය සිදු කර තිබෙන්නේ 'වාතප්‍රසාරණ යන්ත්‍ර' නමැති යන්ත්‍රයක් මගින්. මෙම යන්ත්‍රය සෑදීමටත් විශේෂ ලෝහයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ ලෝහය 'වාතමිත්‍ර' කියලා තමයි හඳුන්වන්නේ. මෙයත් 'රාජලෝහය' වාගේම වෙනත් රසායනික ද්‍රව්‍ය රැසක් යොදාගෙන නිර්මාණය කරනු ලබන්නක්.

සුන්දර විමානයේ වේගය ගැන කතා කරනවානම්, මෙයට ඉතා කෙටි කාල පරාසයක් තුල සැතපුම් 3600 ක් දුර යාමට හැකියාව තිබිලා තියෙනවා. මෙහි සුළං පංකා වල භ්‍රමණ වේගය 'ලින්ක 2500 ක්' කියලා තමයි සඳහන් වෙන්නේ.
මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ 'ත්‍රිපුර විමාන' සහ 'ශකුණ විමාන' කියන විමාන වර්ග දෙක ගැනම කතා කරන්නයි. එතකොට අතීතයේ තිබුණු ප්‍රධාන විමාන වර්ග 4 ගැනම අපිට දැනගෙන අවසන් කරන්න පුළුවන්. මුලින්ම ත්‍රිපුර විමානය ගැන ටිකක් හොයලා බලමු. මේ තියෙන්නේ ත්‍රිපුර විමානයක පින්තූරයක්.




මේ විමානය අනෙක් විමාන වලට වඩා තරමක් විශේෂයි. ඒ කියන්නේ මේ යානයට ගොඩබිම, ගුවනේ මෙන්ම ජලය මතිනුත් ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. මූලික ඉන්ධනය විදිහට පාවිච්චි කරලා තියෙන්නේ සූර්ය ශක්තියයි. ඒ වගේම යානය ගමන් ගන්නා ක්‍රමයට අනුරූපව හැඩය වෙනස් කිරීමේ හැකියාවත් මෙයට තිබිලා තියෙනවා. මේ යානය මූලික වශයෙන් කොටස් 3 කින් යුක්ත වන බව රූපය දෙස බැලූ විට දැකගන්න පුළුවන්. මෙම කොටස් තුන අවශ්‍ය පරිදි ගලවා වෙන් කිරීමටත් නැවත එකතු කිරීමටත් පුළුවන්.මේ යානය නිර්මාණය කිරීමට යොදාගෙන තිබෙන්නේ 'තිනේත්‍ර' නම් ලෝහයක්. එයත් එකතරා අන්දමක විශේෂත්වයක්, මොකද අනෙක් විමාන නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ 'රාජලෝහය' නිසා. 'තිනේත්‍ර' ලෝහය නිෂ්පාදනය කරන ආකාරය ගැන තරමක දීර්ඝ විස්තරයක් 'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙනවා. මෙහි 'පීත' කොටස අඩි 100 ක් දිගට සහ අඩි 24 ක් පළලට නිර්මාණය කර තිබෙන අතර යානයේ උස අඩි 30 ක් පමණ වී තිබෙනවා.



 මෙම විමානය ජලය මතින් ගමන් කරන විටදී යානය තුලට ජලය කාන්දු වීම වැළක්වීම සඳහා මෙහි පාදම කොටසට 'ක්ෂීර සළුව' නම් ආවරණයක් සම්බන්ධ කර තිබෙනවා. මෙම ආවරණය මිශ්‍ර ලෝහයකින් සෑදූවක් බවයි සඳහන් වෙන්නේ. මේ වර්ගයේ විමාන ගොඩබිම ධාවනය සඳහාද යොදාගත් බැවින් මෙයට විශේෂ තිරිංග පද්ධතියක් යෙදීමේ අවශ්‍යතාවය පැනනැඟිලා තියෙනවා. ඒ සඳහා විද්‍යුත් බලයෙන් ක්‍රියා කළ තිරිංග පද්ධතියක් යොදාගත් බව පැරණි පොත් වල සඳහන් වෙනවා. මේ විද්‍යුත් බලය උත්පාදනය කරගෙන තියෙන්නේ මෙහි මූලික ඉන්ධනය වූ සූර්ය බලය ආධාරයෙන්. බොහෝවිට මේ සඳහා වත්මන් සූර්ය කෝෂ ක්‍රමය වැනි තාක්ෂණයක් යොදාගන්නට ඇති.

මීළඟට අපි 'ශකුණ විමානය' ගැනත් සරල අවබෝධයක් ලබාගනිමු. 'ශකුණ විමානය' කියලා කියන්නේ පක්ෂියෙකුගේ හැඩයට සමාන හැඩයක් ගත් විමාන වර්ගයක්




 සාමාන්‍යයෙන් විමානයක මූලික යාන්ත්‍රණ 31 ක් තිබුණත් මේ වර්ගයේ විමාන වල තිබිලා තියෙන්නේ යාන්ත්‍රණ 28 යි. සුපුරුදු ලෙසින්ම මේ යානයත් නිර්මාණය කර තිබෙන්නේ රාජලෝහයෙන්. මේ යානය ගුවන්ගත කරන්න යොදාගෙන තියෙන්නේ වත්මන් ජෙට් තාක්ෂණයට සමාන තාක්ෂණයක්. බොහෝ දුරට බටහිර ඉංජිනේරුවන් ජෙට් තාක්ෂණය ගොඩනගන්නට ඇත්තේ මේ විමාන තාක්ෂණයට අනුව වෙන්න පුළුවන්. පුරාණ හෙළ අධිරාජයා වූ රාවණ රජුගේ දඬුමොණරයත් ( පුෂ්පක රථය ) ශකුණ විමාන වර්ගයේ එකක් වන්නට ඇති බවයි මගේ අදහස.
උපුටා ගැනීම-uditha senadira 

Comments

Popular Posts