ඉතිහාසය කලඹන සල් ගස
මෙම
කතාව ටිකක් දිගු එකකි, එහි තුල අනු කතා ද රාශියක් ඇත. සල් ගසේ කතාව ඔබහට
වටහාදීමට එම අනු කතාද යම් දුරකට හෝ පැවසීමට සිදුවනු ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ
අප අවුරුත් හදුනන ලංකාවේ බොහෝ බෝවුද්ධ හා හින්දු ආගමික ස්ථානයන් මෙන්ම වෙනත්
ස්ථානයන්හි ද දක්නට ලැබෙන සල් ගස නොහොත් cannonball
tree ශාකය
(විද්‍යාත්මක නම Couroupita guianensis) වෙත සිදුවන අසාධාරණය ලොවට හෙළිකර, එම
උතුම් සල් ගස ගොවුරවයෙන් ආරක්ෂා කර ගැනීමය.
වසර
1833
දී වාසනාව සොයා ඉන්දියාවට පැමිණෙන බ්‍රිතාන්‍ය හමුදා ඉංජිනේරු වරයෙකු වන Alexander Cunningham මහතා පැරණි කෞතුක භාණ්ඩ හා ස්ථාන ගැන වැඩි උනන්දුවක්
දැක්වූ අයෙකි . එකල බ්‍රිතාන්‍යයන්ට සැලකිය යුතු ඉතිහාසයක් නොවුයෙන් පුරා විද්‍යාව
නම් විෂයක් නොවීය. එබැවින් ස්වකීය උත්සාහයෙන් හා
දැනුමෙන් පුරාවස්තු හා ස්ථාන ගවේෂණය කල කනින්හැම් මහතා ඉන්දියානු පුරාවිද්‍යාවේ පියා
ලෙස අදත් ගොවුරවයෙන් සිහි කරනු ලබයි. එම වකවානුව තුල චීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, බුරුමය, මැලේසියාව
හා ලංකාව යන රටවල් ඇතුළුව ලෝකයේ ප්‍රධාන ආගම බවට පත්වී තිබුනේ බුදුදහමය. එලෙසම
බෝවුද්ධ නටබුන් ඉන්දියාව තුලද(බෝවුද්ධයන් නොසිටියද) තිබීම සමානය කරුණක් විය. බුදුන්
උපන් දේශය ජන්බුද්ධ්වීපය නොහොත් දඹදිව ලෙසද චීන මෙන්ම ලංකික පැරණි ලේඛන වල සදහන්
වී තිබුනද මෙම ස්ථාන සදහන් කිසිදු සිතියමක් නොතිබුනේය. එම ස්ථාන සොයාගැනීමට යම්
තරමකට හෝ උදව්වක් වුයේ චීන ජාතික පාහියන් හා හියුසාන් (Fa-Hien, Fa-hsien , Fa Xian
337-422 and Xuanzang 602–664) යන හිමිවරු විසින් බුදුන් උපන් දේශයට ගිය වාර්තා
පමණි.
ඉතිහාසය
ගැන විශේෂ උනන්දුවක් දැක්වූ Cunningham
ඉංජිනේරු
වරයාට බුදුන්ගේ ස්ථාන සොයාගැනීමට ආසාවක් ඇතිවිය. පෙරකී චීන වාර්තා පිරික්සූ ඔහු
එහි තිබු හින්දු හෙවත් සින්දු නම් දේශයක් තුලට බටහිර දෙසින් පිවිසීමක් දක්නට
ලැබිණ. ඒ නමින් එම අසල තිබු ගංගාවක් ද වාර්තාවල සදහන් විය. ඒ වනවිට ඉන්දියාව ගැන
වැඩි අවබෝදයක් තිබු කනින්හම් මහතා ලංකාවේ බටහිර දෙසින්ද එම නමින් පෙදෙසක් තිබුන බව
නොදැන සිටියේය. යම් අහේතුවක් නිසා පහත ඇති ලංකාවේ පැරණි සිතියම ඔහු නොදකින්නට ඇත.
චීන
වාර්තා අනුව ඉන්දියාව පිරික්සු ඔහුට එහි ඇති නම් හා සමාන නම් ඇති පොවුරනික ස්ථාන
කිහිපයක් අනුමාන කරගැනීමට හැකිවිය. වාර්තා අනුව බිහාර් ප්‍රදේශයයේ තිබු හින්දු
නටබුන් ස්ථානයක්, බුදුන් බුදුවූ බෝධි මන්ඩලය ලෙස ඔහු අනුමාන කළේය (වසර 1861). ඉන් පසු ඔහු මුහුණ පැ ලොකුම ගැටලුව වුයේ එහි බෝගසක්
නැතිවීමය. එබැවින් ඔහු විසින් ම එම ස්තානයේ බෝගසක් ද රෝපණය කෙරුණි. එම සොයාගැනීමට
පසුව ඉංග්‍රීසියෙන් බුදුදහම ඉගනීමට ප්‍රවිෂ්ට වූ අනගාරික ධර්මපාල තුමා තම හද පිරි
භක්තියෙන්ම එම ස්ථානය වැඩි දියුණු කිරීමට කටයුතු කෙරින. පහත පෙනෙනුයේ කනින්හම්
සිටවූ බෝගස පැලය අසල වසර 1891 පසු ධර්මපාල තුමා සිටිනා චායාරුපයකි. වසර විසිගණනක්
තුල බෝ පැලය වැඩි ඇති අයුරු මෙහි පැහැදිලිව පෙනේ
කනින්හම්
මහතාගේ මේ සොයාගැනීමත් සමගම ඔහු සොයා ආ වාසනාව පෑදිණි. බ්‍රිතාන්‍ය රාජ්‍ය ඔහුට
නයිට් පදවියක් ලබාදී එවකට ලබාදියහැකි උපරිම ගරු සම්මාන දැක්වීය. බුදුවූ ස්ථානය
සොයාගත් නිසා, යම් කෙනෙකු බුදුන් උපන් ස්ථානය සොයාගත් හොත් ඔහුට
ලැබෙන ප්‍රතිලාභ අමුතුවෙන් කිව යුත්තක් නොවින. ඒ සමගම ඇතිවූ පිබිදීම නිසා බොහෝ
බටහිර ජාතින් ඉන්දියාව පිරික්සමින් ලුම්බිණිය කොහේදැයි සොයන්නට විය . ඒ අතර වසර 1896 දී Anton A. Fuhrer නම් ජර්මානු ජාතික දේවගැතිවරයා නේපාලයේ අද අප දන්නා southwestern Nepalese Tarai නම් ස්ථානයේ තමන්ට ලුම්බිණි නම් සෙල්ලිපිය ලැබුණු බව
මද්යම රජයට වාර්තා කෙරුණි. එකල ඔහුටද උපරිම නම්බු නාම හිමිවින. Anton A. Fuhrer යනු ප්‍රසිද්ධ වංචා කාරයෙකි . ඔහු මෙම සෙල්ලිපිය
අතින් කෙටු ව්‍යාජ එකක් බවට පසු කල එහිගොස් විමර්ශනය කල විද්වතුන්ට වැටහිණි. ඔහු
එම වකවානුවකම දන්තධතුවක් සොයගත්තා යි පවසමින් අශ්ව දතක් ඉදිරිපත් කර වංචා කාරයෙකු
ලෙස හංවඩු ගසා තිබුණි. බුදුන් වහන්සේ රියන් 32ක් උස් වූ බැවින් දත එතරම් විශාල වියයුතුයි , ඔහුගේ
තර්කය විය. ලුම්බිණියේ සොයාගැනීම රජයවිසින් අවලංගුකර ඔහුට නඩු පැවරිණි. නමුත්
නඩුවේ සාක්ෂිදීමට සිටි ඔහුගේම සහකරු හදිසියේම මියගිය බැවින්, නඩුව
ඉවත සිදුවිය. මෙහි පෙනේනේ එම ව්‍යාජ ලුම්බිණ සෙල් ලිපියයි. Anton A. Fuhrer කල ලොකුම මෝඩකම වන්නේ එහි වචන ඈත්කර ලිවීමයි. එලෙසම
මෙහි අක්ෂර වැරදි කිහිපයක් ඇත. සක්‍යමුණි වෙනුවට සයෝමුනි ලෙස ලියා ඇති අතර. මෙහි
සිද්ධාර්ථ යන නම ලියා නැත. වසර දෙදහසක් පැරණි එළිමහන් සෙල්ලිපියක අක්ෂර මෙපණ පැහැදිලිව
තිබෙන්නේ කෙසේද ? එපමණ පැරණි කිසිදු සෙල්ලිපියක වචන වෙන්කර ලියා නැත. කෙසේ
හෝ මෙයට විකල්ප ස්ථානයක් එවකට නොතිබූ බැවින් හා නේපාල රාජ්‍ය දැක්වූ අනුග්‍රහයත්
නිසා , අද මෙම ස්ථානය ආගමික වශයෙන් කෙසේ වුවත්, ආර්ථික
වශයෙන් නම් විශේෂ ස්ථානයක් වන්නේය. යුනෙස්කෝ සංවිධානය මෙය ලෝක උරුමයක් බවට
පත්කරනලදී .
සත්‍ය
වශයෙන්ම පාහියන් හා හියුසාන් ගමන්කර ඇත්තේ මේ ලංකාව තුලමය , ඔවුන්
සදහන් කරන සොලොස්මහ ජනපද තිබුනේ ලංකාවේ නැගෙනහිර හා දකුණ පෙදෙස් වලය. ඔවුහු සිංහලය
ලෙස සදහන් (බුදුන්කල ලංකාපුර) කරන්නේ අනුරාධපුර ආශ්‍රිත බටහිර හා වයඹ මිස මුළු
ලංකාවම නොවේ. චීන ගවේෂකයන් TAN-MO-LI-TI
නමින්
සදහන් කරන නාවික තොට ත්‍රිකුණාමලයට පහලින් ඇති වෙරුගල්
ගග ආසන්නයේ පාෂාණ පබ්බත වෙහෙර අසල හමුවූ “තඹලවිට” ලෙස මැතක සෙල්ලිපි 4 ක්
හදුනා ගෙන ඇත. එලෙසම ඔවුන් සදහන් කරන , ලලාට ධාතු ,දන්තධාතු ,පාත්රය , කෙෂධාතු වැනි සියලුම දේ ලංකාවේ තිබු බව වාර්තා වන්නේ
ඔවුන් පැමිණි කලට වසර සිය ගණනකට පෙරය. එවන් කිසි දෙයක් ඉන්දියාවෙන් මේවනතුරු හමුවී
නැත. හියුසාන් ගේ වාර්තාවේ ගංගා නම් (ඉහල සිතියමේ ගැන්ගීස් ලෙස සදහන්වෙන) ගඟේ
මුවදොරට ඉහලින් චම්පා නම් නගරය අසල තිබු (අද ත්‍රිකුණාමලය) උණුවතුර ලින් 7
ගැන පැහැදිලිව සදහන්වේ. කනින්හැම් මහතාට මෙය ඉන්දියාවේ සොයාගත් නොහැකිවූ නිසා. යම්
තැනක උණුවතුර මුට්ටි සතක් තිබෙන්නට ඇතැයි කියමින් යන්තම් ඇඟ බේරාගෙන ඇත.
දැන්
අපි මේ ලිපියේ මාතෘකාව දෙසට පිවිසෙමු. සිදුහත් උපත සිදුවූ සල්
වනයේ තිබු සල්ගස හා මල අද ලංකාවේ සිටින කුඩා ළමයෙකු පවා හදුනනු ඇත. එලෙසම පැරණි
විහාරවල සිතුවම් වල ඇත. ලංකාවේ පමණක් නොව බොහෝ ඝර්ම කලාපිය පෙදෙස්වල් බහුලව වැවෙන
ශාකයකි. දැන් මෙහිදී උභතෝකෝටික ප්‍රශ්නයක් පැනනගි, එනම්
නේපාලයේ අද “වාණිජ ලුම්බිනියේ ” මෙම
“සල්
ගස් ” නොමැති වීමයි. එබැවින් නේපාල රජය සල්ගස විය හැකි ලෙස
“වෙනත්
ගසක් ” නම් කරගෙන ඇත. ඇත්තටම ඔවුනට වෙන විකල්පයක් නැත.
හිමාලය ආශ්‍රිතව වැවෙන එම ගස (Shorea
robusta) නියම
සල් ගසය යන මතය දැන් ක්‍රමානුකුලව දත්ත තුලට ඇතුලත් කරමින් පවතී.
Couroupita
guianensis නම්
වූ අපගේ සල්ගස එහි ඉංග්‍රීසි නමින් (cannonball
= කාලතුවක්කු
උණ්ඩ, එහි විශාල ගෙඩි එම ප්‍රමාණය නිසා) ප්‍රථම වරට ඉංග්‍රීසි
පොතක සදහන් මෙයට සමගාමීව දැන් ලංකාවේ ඉංගිසි පොත් කටපාඩම් කර
උගතුන් පිරිසක්, මෙම සල් ගස ලංකාවේ වසර 1881 පෙර
(එනම් අදින් වසර 130 කට පෙර) නොතිබුන බව සදහන් කරමින්, විවිද
ආකාරයේ මාද්‍යයන් ඔස්සේ ලිපි ලියමින්, අද
අපේ පන්සල් වල ඇති සල් ගස, සුද්දා ගෙනා ගසක් බවත්, එය
වැරදීමකින් ආගමික ස්ථානවල සිටවා ඇති බවත්, වැරදීමකින් සල් යන නම යොදා ඇති බවත්, යන
මතය සමාජ ගතකරමින් සිටිති. පහත එම මුලාශ්‍ර කිහිපයක් දමා ඇත.
මොවුන්
අනවර්තයෙන් පවසන්නේ, අපගේ සල් ගහ ගලවා දමා එම වෙනුවට Shorea robusta නේපාලයෙන් ගෙන පැලකල යුතුබවය. Shorea robusta ගස් කිහිපයක් මේවනවිට උද්‍යාන වල පැළකර ඇත. මේවයින්
සමහරක් නේපාල රජතුමා තෑගි ලෙස ලබාදුන් බව මහත් අභිමානයෙන් සදහන් කර ඇත. ලෝකයටම
බුදුදහම කියාදෙන්නේ, අපේ හෙළ පැරණි ලේඛනය. ඉන්දියානු ඉතිහාස පොතේ
හිස්තැන් පුරවන්නේ අපේ ලේඛන කියවාය. (අශෝක රජු ඉන්දීය ඉතිහාසයට එක්වන්නේ අපේ
මහාවංසය හරහාය) අපේ පුරාන ග්‍රන්ථ වූ “පුජාවලිය හා රාජාවලියේ ” බුදුන්
නුපදින දේශයක් ලෙස “නේපාලය” යන රට ලියා ඇත. එවන් වූ අපට සල් ගස කුමක් දැයි, සුද්දාගෙන්
අසා දැනගතයුතුද ?
සල්
ගස නොහොත් cannonball ශාකය, වසර
1881 ට පෙර මෙහි තිබු බවට සාදක
මෙම
ගස ඉතිහාස පොතට එකතුවන්නේ බුද්ධ කාලය පෙර සිටය. මෙම ගස හිංදු සංස්කෘතියේ පුජනිය
ශාකයකි. එනම් වසර තුන්දහසකට පෙර සිට ඉන්දියාවේ මෙන්ම ලංකාවේද හින්දු කෝවිල් අසල
මෙම ශාකය මහත් භක්තියෙන් වවා ඇත. සිංහල මෙන්ම දමිල ,තෙලිගු, හින්දි වැනි
ඕනෑම භාෂාවකින් මෙම ගසට ආවේනික නමක් තිබෙන්නේ එම නිසාය. Hindi: Nagalinga नागलिंग, Tope
gola तोप गोला • Kannada: Lingada mara, Nagalingam • Marathi: Shivalingam •
Bengali: Kaman gola • Tamil: நாகலிங்கம் Naagalingam .
එසේනම්
මෙම ගස දකුණු ඇමෙරිකාවේ වනාන්තර වලින් ගෙන, මාස තුනක් පමන නැවක රැගෙනවිත් , පේරාදෙණියේ
පැල කිරීමට හේතුව කුමක් ද ? ලංකාවේ නොතිබුනි නම්, අඩු
ගනනේ දකුණු ඉන්දියානු ධීවරයෙකුට කියා එක දවසකින් ගෙන්වා ගත හැකි නේද ? වසර
දසදහස් ගණන් දකුණු ඉන්දියාවේ වැඩෙන, ගසකින් ගෙඩියක් ගගකට වැටි මුහුදේ ගසාගෙන විත් ලංකාවේ
පැතිරීම අසම්භාවයද ?
සල්ගස
ගැන ලාංකීය බෝවුද්ධ ඉතිහාසයේ මුලින් ම කියවෙන්නේ ත්‍රිපිටක සුත්‍ර වලය. එය ඔනම
කෙනෙකු හට පසුවෙන් සොයා ගත හැක.
සාලග්ගාව
ගංගාව (සල්ගමු ගඟ) හරහා දිග පාලමක්ද ‘සලපාදප සොබිභ’ (සල්රුක් හෙබ) නම් ස්ථානයේ දිග
පාලමක් ඉදිකළ බව “මහාවංශයේ ” සඳහන් වේ. දහතුන් වැනි සියවසට අයත් මෙම පාලම පිළිබඳව
තොරතුරු වලින් අනතුරුව එවැනි ලී පාලම් පිළිබඳ කරුණු අනාවරණය වන්නේ 18
වැනි සියවසට අයත් වාර්තා හා පුරා විද්‍යාත්මක සාධක අනුසාරයෙනි.
ධාතු
වංසයට අනුව වසර දෙදහසකටත් පෙර, එනම් මහානාග රජු ලලාට ධාතුව ලබන්නේ “සල්
ගසක් ” අසල වූ ආරාමයක සිටය. එම ස්ථානය හත්ථොට්ඨ ජනපදයේ
කුක්කුට පර්වතය අසල තිබු, ලක් පොලවේ ස්ථානයක් ලෙස සදහන් ය.
සල්ගල
නමින් කෑගල්ල දිස්ත්‍රිකයේ වැහැල්ලව රක්ෂිතය තුල පුරාන
ආරණය සේනාසනයක් ඇත. මෙහි අද ද අපේ සල් ගස දැකගත හැක.
බුදුන්
ඉන්දියන් හෝ ලංකික වුවද, දිවාගුහාව ලංකාවේ බව කවුරුත් පිළිගනිති . වත්මන්
දිවාගුහාව බටදොල ලෙන ලෙස බලන්ගොඩ අනද හිමියන් තහවරු කර ඇත, එහි
එක සාදකයක් ලෙස එහි ඇති අවුරුදදපුරා මල් පිපෙන, සල්
ගසක් හදුනාගෙන ඇත, අදත් අපේ සල් ගස එම ස්ථානයේ ඇත. එහි ඇති පුරාන
ලෙන්සිතුවමක එම “සල් මල් ” ම අතින් ගත් සඟ රුප ඇඳ ඇත. එබැවින් සල් මල් යනු
කුමක් දැයි වටහා ගත හැක.
cannonball
පේරාදෙණියේ
සිටවීම සතයයක් විය හැක, දකුණු ඇමෙරිකාවෙන් ගෙන්වූ ශාකයේ සහ ලංකාවේ තුබූ ශාකයේ
සුළු වෙනස් කම් තිබෙන්නට ඇත. උදාහරණයක් ලෙස අප්‍රිකාවේ අලිසිටිති, ලංකාවේ
අලි සිටිති. නමුත් වෙනස් ය. ලංකාවේ අඹ වැවෙන අතර දකුණු ඇමරිකාවේද අඹ වැවේ , නමුත්
ඒවා එක සමාන නැත. යමෙකු දකුණු ඇමරිකාවෙන් එහි අවේනික අඹ පලයක් ගෙන ලංකාවේ සිටවන්න
පුළුවන. එයින් ලංකාවට අඹ හදුන්වා දුන්නයි කීම, අර්ථාන්විත
නැත.
සල්
නමින් අප හදුනාගත් වෙනත් ලංකික ශාකයක් තිබුනා යි, යමෙකුට
කියන්නට පුළුවන. එසේ නම් එම ශාකය පන්සල් වලින් වලින් ගලවා දමා පේරාදෙණියෙන් රැගෙන cannonball සිටවුයේ කවුද ? බෝ ගසට පමණක් දෙවනිවූ සල්ගස කුමක් දැයි එකල එහි සිටි
ජේෂ්ඨ භික්ෂුන් වහන්සේලා නොදැන සිටියේ මන්ද ? ලාංකික උද්හිද විද්‍යාඥයන් එම අවස්තාවේ නිවැරදි
නොකරේ මන්ද ? cannonball යන්න සල් ගස බවත් එය පන්සල් වල සිටවියයුතු බවත්, යෝජනා
කලේ කවුද ? කාගේ කුමන්ත්‍රණයක් ද ? එකල
පේරාදෙණියේ තිබු, රෝස, ඩේලිය වැනි වෙනත් විදේශ ගස් අතහැර cannonball ටම
සල් ආදේශ වූයේ ඇයි.? වයස අවුරුදු 120 කට වඩා පැරණි සල්ගසක් මේ ලංකාවේ කොහෙවත් නැති ද ? මේ
ගස සල් ගස ලෙස පිළිගන්නා තායිලන්තයට වැරදුණේ කෙසේ ද
?
සල්
ගස යනු පිටස්තර ශාකයක් නොවන බව දේශීය වෙදකම තුල ඇති බෙහෙත් වට්ටෝරුවල වලින්ද
පැහැදිලිවේ. එහි නාමය Ayauma ලෙස සදහන් වී ඇත. විදේශීය වෙදකමෙහි බැක්ටීරියා
මර්දනයට විශේෂ හැකියාවක් සල් ගෙඩියේ ඇති බව සදහන් වේ. එලෙසම මැසි මදුරු උවදුරටද
සල් හොද ප්‍රතිජීවකයකි. එම නිසා සල් උයනක උපන් දරුවෙකුට වැදුම් ගෙයි දෝෂ
තිබීමට නම් කිසිදු හැකියාවක් නැත. පුරාන ශාන්තිකර්ම හා යාගහෝම වලද මෙම ගස ඇති බවට
කිසිදු සැකයක් නැත.
සල්
ගස යනු කුමන ගස දැයි තෝරාබේරා ගැනීම, මාගේ අවශ්‍යතාවය මත නොව ඔබගේ වටහා ගැනීම අනුව
සිදුවන්නකි. නමුත් ඊට අනුලෝමව සිදුහත් උපත සිදුවූ ස්ථානයද තීරණය වන බව දත යුතුය.
උපුටා ගැනීම-තරු ගුවන් විදුලිය Prasad
Kumara
Comments
Post a Comment